පුංචි ජන්දයේ නාමයෝජනා අවලංගු කරන්න යෝජනාවක්!

Date:

කොළඹ LNW:පළාත් පාලන ජන්ද විමසීම සඳහා කැඳවා තිබෙන නාම යෝජනා අවලංගු කර පළාත් පාලන ඡන්ද විමසීම අවලංගු කරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදීයි මේ සම්බන්ධයෙන් සාකච්ජාවට ලක්ව ඇත්තේ.

එහිදී යෝජනා වී ඇත්තේ නාමයෝජනා අවලංගු කර ඡන්ද විමසීම යළි කැදවූ පසු නැවත නාමයෝජනා කැඳවීම වඩාත් සුදුසු බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම අවලංගු කරන්නේ නම් ඒ සදහා පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු වෙයි.

පළාත් පාලන ආයතන 340ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් ඉකුත් අප්‍රේල් මාසයේ දී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...