බෙයිජිං ඔලිම්පික් උළෙලට යුක්රේන කණ්ඩායම පැමිණෙද්දී පුටින් නිදි කිරා වැටෙයි!

Date:

චීනයේ බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට යුක්රේන කණ්ඩායම හඳුන්වා දෙන අවස්ථාවේදී එහි ගොස් සිටි රුසියානු ජනපති පුටින් නිදි කිරා වැටෙන බව කැමරාවල සටහන් වී තිබිණි.තමන් නිදිමතෙන් පසුව න බව හඟවමින් මෙහිදී පුටින් ඇස් වසාගෙන හිස පැත්තකට ඇළ කර ගනියි.

මේ අතර යුක්රේන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුටින් ඉදිරියේදී යුක්රේන ජාතික ධජය වැනූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පුටින් සහ යුක්රේනය අතර විසරකය දන්නා බොහෝ මාධ්‍යකරුවන්ගේ කැමරා, යුක්රේන කණ්ඩායම පිවිසෙන අවස්ථාවේදී පුටින්ගේ ප්‍රතික්‍රියාවන් දැකීම සඳහා එල්ල වී තිබිණි.

මේ අනුව යුක්රේන කණ්ඩායම ඉවත්ව යන අවස්ථාවේදී පුටින් හදිසියේම නින්දෙන් නැගිටියාක් මෙන් දෙනෙත් විවර කරන අන්දම ද එම කැමරාවල සටහන් ව තිබිණි.

පුටින් මේ අන්දමින් නිදි කිරා වැටුණේ, පූර්ණ පරිමාණ ආක්‍රමණයක බිය තවදුරටත් වැඩි කරමින් රුසියානු සොල්දාදුවන් 100,000 ක් දෙනා යුක්රේන දේශසීමාව වෙත ගොස් සිටින අතරවාරයේ ය.

AMALI JAYAWEERA OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...