දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/18

Date:

  1. නීතියේ ආධිපත්‍යයට අනුගත නොවන රටකට ආයෝජකයන් පැමිණෙන්නේ නැති බව සමඟ ජන බලවේගයේ පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි: ජනතාව මර්දනය කිරීමට ආණ්ඩුව දරන ප්‍රයද්නය හේතුකොට ගෙන විදේශ දායකයන් සහ බහුපාර්ශ්වික ආයතනවලින් ශ්‍රී ලංකාවට ලැබෙන සහන අහිමි වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවයි: කිසිඳු පාර්ශවයක් විසින් මේ වනතුරු සැලකිය යුතු මට්ටමක ප්‍රදානයක් සිදුකර නොමැති බව ද සිහිපත් කරයි.
  2. 2023 ඡන්දහිමි නාමලේඛනයේ තම නම සඳහන්ව ඇති බවට තහවුරු කර ගන්නා මෙන් මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි: තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී මැතිවරණ නාමලේඛනයට තම ඇතුළත් කර ඇති බවට තහවුරු කර ගන්නා මෙන් ඉල්ලා සිටියි.
  3. ශ්‍රී ලංකාවේ සාමන්‍ය පවුලක මාසික වියදම පසුගිය වසරේ පැවති රු. 63,820 ට සාපේක්ෂව මෙම වසරේ රු. 76,124 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි: එම මුදලින් රු. 40,632 ම වැය වන්නේ ආහාර සඳහා ය: පවුල්වලින් 60%ක ගේ ම ආදායම මෙම වසරේ පහත වැටී ඇති බව ද පවසයි.
  4. ඇ.ඩො. බිලියන 2.4 ක වියදමින් ඉදිකරන ලද ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණයේ බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව සහ මියන්මාරයේ කොටස් ඇතුළත් “නොබෙදුණු ඉන්දීය” බිතු සිතුවමක් ඇති බවට වාර්තා වේ: මෙම බිතු සිතුවමට තම ස්වෛරී භූමීන් ඇතුළත් කිරීම පිළිබඳව නේපාලය සහ පකිස්ථානය සිය අවධානය යොමු කරයි: මේ පිළිබඳව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිල පැහැදිලි කිරීමක් ලබා ගන්නා ලෙස බංග්ලාදේශය නව දිල්ලියේ පිහිටා ඇති සිය තානාපති කාර්යාලයට උපදෙස් දෙයි: මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය හෝ මියන්මාරය විසින් ප්‍රකාශයක් ලබා දී නැත.
  5. රජය විසින් හඳුන්වා දුන් නව කම්කරු නීති ප්‍රතිසංස්කරණ බලාත්මක හෝ යෝජනා කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, හෝ වෙනත් එවන් සංවිධානයක් විසින් බවට පළවන චෝදනා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රතික්ෂේප කරයි.
  6. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නීති විරෝධී අන්දමින් මත්ද්‍රව්‍ය සහ අවි වෙළඳාම් සිදු කිරීම, සහ එල්ටීටීඊ සංවිධානය යළි පණගැන්වීම ආදියට අදාළව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (National Investigation Agency) ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු සහ ශ්‍රී ලාංකික ජාතිකයන් දස දෙනෙකු ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකුට එරෙහිව චෝදනාපත්‍ර ගොනුකරයි.
  7. නව පොලිස්පතිවරයකු පත් කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ටිරාන් අලස් පවසයි: වත්මන් පොලිස්පත් සී.ඩී. වික්‍රමරත්න 2023 මාර්තු 26 වන දින විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණු අතර, මාස තුනක සේවා දිගුවක් මත තවමත් සේවයේ නියුතු වෙයි.
  8. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු සමඟි ජන බලවේගය සමඟ එකතු වන බව සමඟි ජන බලවේගයේ පා.ම. අශෝක් අබේසිංහ පවසයි: දැනට පා.ම. ඩලස් අලහප්පෙරුම විසින් නායකත්වය සපයන කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ද ඊට ඇතුළත් බව පවසයි.
  9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමේ දෙවන වාරිකය ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට අවශ්‍ය කොන්දේසි සපුරාලීම සඳහා අමතර කාලයක් ලබා ගන්නා මෙන් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන රජයට උපදෙස් දෙයි.
  10. දුම්රිය ප්‍රවාහන මෙහෙයුම්වලින් සිදුවන දැවැන්ත පාඩු ආවරණය කර ගැනීම සඳහා, ශ්‍රී ලංකා දුම්රිය සේවයට අයත් ඉඩම් බදු දීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...