කොළඹට විදුලි බස් රථ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්ධන වලින් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ගැටළුවට විදුලි බස් රථ හොද විසඳුමක් බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවත්  ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස පැවසීය.

“විදුලි බස් රථ කොළඹ නගරය ආශ්‍රිතව යොදන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව, ඉදිරියේදී අපි ඒ සඳහා අභිප්‍රාය කැඳවීමක් කරන්න බලාපොරොත්තු වෙනවා විදුලි බස් රථ ධාවනය කරන්න. මේ පොසිල ඉන්ධනවලින් පරිසරයට වන හානිය වළක්වා ගැනීම සඳහා, විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තු වැඩිවීමේ ප්‍රශ්නයටත් විසඳුම වෙන්නේ පොදු ප්‍රවාහනය විදුලිය බවට පත් කිරීම. ඒහිදී අපි බස් රථ පමණක් නෙමෙයි ත්‍රීරෝද රථ, වෑන් හා අනෙක් දුම්රිය පවා අනාගත කාලපරිච්චේදය තුළදී විදුලිය බවට පරිවර්තනය කරන්න උත්සාහ දරනවා. මේ අවුරුද්ද තුළදී පුද්ගලික අංශය විදුලියෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථ වෙළෙඳපොළට නිතුක්කරයි.” 

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...