හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට !

Date:

හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නුදුරේදීම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

රෝහිත බෝගොල්ලාගම මහතාට මීට පෙර චීනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගන්නා මෙන් ආරාධනා ලැබී තිබුණ ද ඒ මහතා එම අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබිණි.

රෝහිත බෝගොල්ලාගම මහතා සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර හිතවාදියකු වශයෙනි. ඒ අනුව ඇමරිකාවේ හෝ එංගලන්තයේ පත්වීමක් ලබාදෙන්නේ නම් එය පිළිගැනීමට සූදානම් බව ඒ මහතා ප්‍රකාශ කර තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටින අතර එහිදී ඒ මහතා යුරෝපා පාර්ලිමේන්තු සාමාජික නෙරංජන් දේවාදිත්‍ය මහතාගේ උපන් දින උත්සවයට ද සහභාගී වීමට නියමිත ය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ය.

එම සංචාරයන් අවසන් කර ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසුව රෝහිත බෝගොල්ලාගම මහතාව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කරනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...