ටයිටැනික් යටගියාවත් සමඟ බ්‍රිතාන්‍ය ජාතික වික්‍රමාන්විතයාගේ අතුරුදන් වීම!

Date:

ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආසන්නයේ දී අතුරුදන් වූ සබ්මැරීනයක සිටි අය අතර බ්‍රිතාන්‍ය ජාතික වික්‍රමාන්විතයෙකු ද වන බව වාර්තා විය. ඔහු නමින් හමීෂ් හාර්ඩින් ය.

58 හැවිරිදි හමිෂ් හාර්ඩින්, ඉකුත් ඉරු දින කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන් නගරයේ සිට ටයිටැනික් නෞකාවේ ගමනාන්තය සඳහා යාත්‍රාවක පිටත් වූ බවට සමාජ මාධ්‍යවල සංසරණය විය.

එතැන් සිට, ඔහු සහ කාර්ය මණ්ඩලය එම ඉරුදින උදෑසන දේශීය වේලාවෙන් 04:00 ට (GMT 08:00) ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදුම් මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් කරා යන මෙහෙයුමට තමන් යන බව “අවසානයේ ප්‍රකාශ කිරීමට ලැබීම ගැන ආඩම්බර වන” බව ඔහු ෆේස්බුක් හි සටහනක් තැබීමට ද අමතක නොකළේය.

අවුරුදු 40 කට පසු නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ඇති නරකම ශීත කාලය පවතින බවත් “මෙම මෙහෙයුම 2023 වසරේ දී ටයිටැනික් වෙත මිනිසුන් සහිතව ගමන්ගන්නා පළමු සහ එකම මෙහෙයුම වනු ඇත”.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය.

කෙසේ වෙතත් මෙහෙයුම අතරතුර හාර්ඩින් ගේ අතුරුදන් වීම මේ වන විට පෙරළිකාර ප්‍රවෘත්තියක් වී හමාරය.

මේ පිළිබඳ සුළු පුත් බ්‍රයන් සාස් ද”ඔහු සබ්මැරීනයේදී අතුරුදහන් වී ඇතැයි” සටහනක් ද පළ කර තිබුණි.

OceanGate සබ්මැරීන් ක්‍රියාකරු පැවසුවේ එහි සම්පූර්ණ අවධානය යොමුව ඇත්තේ කාර්ය මණ්ඩලය නැවත පැමිණීම කෙරෙහි බවයි. කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ආපසු ගෙන ඒම සඳහා සියලු විකල්ප ගවේෂණය කර බලමුලු ගන්වමින් සිටින බවට ඔහු වැඩිදුරටත් පැවසීය.

ටයිටැනික් යටගියාවත් එක්ක මතුවන නවතම සිදුවීම මෙයයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සැනින් එසනින් ඔබ හමුවට ගෙන ඒමට අපි සූදානම්!…..

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...

ZOOM තාක්ෂණයෙන් රනිල් නඩුවට එක්වෙයි!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...