ටයිටැනික් යටගියාවත් සමඟ බ්‍රිතාන්‍ය ජාතික වික්‍රමාන්විතයාගේ අතුරුදන් වීම!

ටයිටැනික් නෞකාවේ සුන්බුන් ආසන්නයේ දී අතුරුදන් වූ සබ්මැරීනයක සිටි අය අතර බ්‍රිතාන්‍ය ජාතික වික්‍රමාන්විතයෙකු ද වන බව වාර්තා විය. ඔහු නමින් හමීෂ් හාර්ඩින් ය.

58 හැවිරිදි හමිෂ් හාර්ඩින්, ඉකුත් ඉරු දින කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන් නගරයේ සිට ටයිටැනික් නෞකාවේ ගමනාන්තය සඳහා යාත්‍රාවක පිටත් වූ බවට සමාජ මාධ්‍යවල සංසරණය විය.

එතැන් සිට, ඔහු සහ කාර්ය මණ්ඩලය එම ඉරුදින උදෑසන දේශීය වේලාවෙන් 04:00 ට (GMT 08:00) ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදුම් මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් කරා යන මෙහෙයුමට තමන් යන බව “අවසානයේ ප්‍රකාශ කිරීමට ලැබීම ගැන ආඩම්බර වන” බව ඔහු ෆේස්බුක් හි සටහනක් තැබීමට ද අමතක නොකළේය.

අවුරුදු 40 කට පසු නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ඇති නරකම ශීත කාලය පවතින බවත් “මෙම මෙහෙයුම 2023 වසරේ දී ටයිටැනික් වෙත මිනිසුන් සහිතව ගමන්ගන්නා පළමු සහ එකම මෙහෙයුම වනු ඇත”.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය.

කෙසේ වෙතත් මෙහෙයුම අතරතුර හාර්ඩින් ගේ අතුරුදන් වීම මේ වන විට පෙරළිකාර ප්‍රවෘත්තියක් වී හමාරය.

මේ පිළිබඳ සුළු පුත් බ්‍රයන් සාස් ද”ඔහු සබ්මැරීනයේදී අතුරුදහන් වී ඇතැයි” සටහනක් ද පළ කර තිබුණි.

OceanGate සබ්මැරීන් ක්‍රියාකරු පැවසුවේ එහි සම්පූර්ණ අවධානය යොමුව ඇත්තේ කාර්ය මණ්ඩලය නැවත පැමිණීම කෙරෙහි බවයි. කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ආපසු ගෙන ඒම සඳහා සියලු විකල්ප ගවේෂණය කර බලමුලු ගන්වමින් සිටින බවට ඔහු වැඩිදුරටත් පැවසීය.

ටයිටැනික් යටගියාවත් එක්ක මතුවන නවතම සිදුවීම මෙයයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සැනින් එසනින් ඔබ හමුවට ගෙන ඒමට අපි සූදානම්!…..

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්