ටයිටැනික් නැරඹීමට ගිය සබ්මැරීනය කාලයත් සමඟ වියැකීයන ලකුණු.

Date:

ටයිටැනික් නෞකාව ගවේෂණය කරමින් සිටි OceanGate Expeditions මව් සමාගමට අයත් සබ්මැරීනය පසුගිය ඉරිදා(18)දින අතුරුදන් වීමත් සමඟ මේ වන විටත් එය සොයා සෝදිසි මෙහයෙුම් ක්‍රියාත්මක විය.

එක්සත් ජනපද වෙරළාරක්ෂක කපිතාන් ජේමි ෆෙඩ්රික් ඊයේ(20)දිනය වන විට මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදාව, කැනේඩියානු හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය සහ යාත්‍රාවේ මව් සමාගම වන OceanGate Expeditions විසින් ඒකාබද්ධ සොදිසි මෙහෙයුමක් හරහා සබ්මැරීනය සොයන බවයි.

සබ්මැරීනය පසුගිය ඉරිදා(18) පැය 96ක පමණ ඔක්සිජන් ඉතිරිව තිබියදී මව් සමාගම සමඟ සන්නිවේදනය බිඳ වැටුණ අතර එතැන් සිට විශේෂඥ දැනුම සහ විශේෂිත උපකරණ සහිත බහුවිධ නියෝජිතායතන විසින් සබ්මැරීනය සොයා මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. ඉතිරි වී ඇති ඔක්සිජන් ප්‍රමාණය අනුව සංචාරකයින් ගලවා ගැනීමේ මෙහෙයුම යනු කාලයත් සමග කරන සටනක් බව පැහැදිලි ය.

අතුරුදහන් වූ යාත්‍රාවේ සිටි මගීන් මඟීන් අතර පකිස්ථාන-බ්‍රිතාන්‍ය ෂහසාදා ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුත් සුලේමාන්, බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති හමිෂ් හාඩින්, Paul-Henri Gargeolet, 77 හැවිරිදි ප්‍රංශ ගවේෂකයෙකු සහ එක්සත් ජනපදය පදනම් කරගත් OceanGate Expeditions හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Stockton Rush සිට ඇති බව වාර්තා වේ.

සමාගමේ වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි OceanGate ගවේෂණය සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 250,000 ක් වැය වන අතර එය කැනේඩියානු නිව්ෆවුන්ඩ්ලන්ඩ් පළාතේ ශාන්ත ජෝන්ස් හි ආරම්භ වී නැගෙනහිරට කිලෝමීටර් සිය ගණනක් දුරින් පිහිටි ටයිටැනික් සුන්බුන් වෙත යනු ඇත.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි විසින් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ජනාධිපති බයිඩන් මෙම සෝදිසි මෙහෙයුම සමීපව නීරීක්ෂණය කරනු ලබන බවයි.

සටහන- සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...