කිවි ලලනාවෝ ක්‍රිකට් තරගාවලියට පැමිණෙති

Date:

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පදනම් කරගෙන පැවත්වෙන එක්දින තරග තුනක් සඳහා සහ කොළඹ සරවනමුත්තු ක්‍රීඩා පිටිය නොහොත් ඕවල් ක්‍රීඩාංගණය පාදක කරගෙන පැවත්වෙන විස්සයි විස්ස තරග තුනක් සඳහාත් සහභාගී වීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාවෝ දිවයිනට පැමිණියහ.ඔවුන් දේශිය නර්තන සම්ප්‍රදායන් යොදා ගෙන පිළිගැනීමට කටයුතු කර තිබිණ.

එක්දින තරග ජූනි 27,30 සහ ජූලි 3 යන තෙදින තුළ පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.විස්සයි විස්ස තරග පැවත්වෙන්නේ ජූලි 8,10 සහ 12 යන තෙදින තුළයි.

ඒ සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබෙන අතර නායකත්වය සඳහා චමරි අතපත්තුම කැදවා ඇත.සෙසු ක්‍රීඩිකාවන් වන්නේ විශ්මි ගුණරත්න,හර්ෂිතා සමරවික්‍රම,නිලක්ෂි ද සිල්වා,කවීශා දිල්හාරි,අනුශ්කා සංජීවනී,ඕෂධි රණසිංහ,කාව්‍ය කාවින්දි,සුගන්ධිකා කුමාරි,ඉනෝකා රණවීර,උදේශිකා ප්‍රබෝධනී,හංසිමා කරුණාරත්න,ඉනෝෂි ප්‍රනාන්දු,ඉමේෂා දුලානි සහ හසිනි පෙරේරා ය.
සොෆි ඩිවිනි නායකත්වය දරන නවසීලන්ක කාන්තා කණ්ඩායමට ක්‍රිඩිකාවන් 15 දෙනෙක් ඇතුළත්ය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...