සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද (23) දින ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා අවස්ථාව හිමි කර ගත් තවත් පිරිසකට ගුවන් ටිකට්පත් ලබා දී ඇත.
එම කණ්ඩායම ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 6 වන ශ්‍රමික කණ්ඩායම වන අතර ඔවුන් ලබන 26 වනදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර ඊශ්‍රායල සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා ලබා ගත හැකියි.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ , ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙසයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??