*
Friday, September 20, 2024
spot_img

Latest Posts

අර්ජුනටත් රිදෙන්න ලංකාව ඕමානයට ගහයි

අර්ජුන රණතුංග කුමන පදනමක දී හෝ ලංකාවේ ක්‍රිකට් ගැන තමන්ගේ දායකත්වය නැතුව සූදානමක් නැති අයෙකි. ජාතික ක්‍රීඩා සභාව හමුවට මාධ්‍ය කැද වූ අර්ජුන කීවේ ලංකාවේ ක්‍රිකට් ආයතනයේ ලාභය ගැන සොයා බැලිය යුතු බවය.වියදම් ක්‍රිකට්වලටමද යන්න ද විමසා බැලිය යුතු බව කීවේය.ඇත්තටම එසේ නොවීම වැරදිණිනම් මෙරටට පිළිකා ඖෂධ ගෙන්වීමට මුදල් දුන් තැන සිටත් ක්‍රීඩා අරමුදලට,ක්‍රිඩා අමාත්‍යංශයේ සුබසාධනයට වැනි කරුණුවලට මුදල් යෙදවීමේ සිටම ශම්මි සිල්වලා වැරදි විය යුතුය.පරිපාලනය සමඟ ඇති කුහක විරසකය කුමක් වුවත්,හිටපු ක්‍රීඩකයෙක් හැටියට ඕමානය සමඟ පැවත්වෙන තරගයට පෙර දිනයේ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීම ගැන සැක පහළ කරන අතරේම ශ්‍රී ලංකාවේ පුහුණුකරුට වඩා දුලිප් මෙණ්ඩිස් කැඳවීමේ වැදගත්කම ද ඔහු පෙන්නා දුන්නේය.එසේම ඕමානය දරුණු ප්‍රතිවාදියෙක් හැටියට මෙණ්ඩිස් යටතේ ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බවට ඔහු කේක් එක නො’සාදාම අයිසීන් ද තැවරුවේය.


ඇත්තටම මෙහිදී අපේ අදහස දුලිප් මෙණ්ඩිස් අදක්ෂයෙක් යන්න නොවේය.ඔහුගේ දක්ෂතා ගැන අපි හොඳින් දනිමු.එමෙන්ම ගෞරව කරන්නෙමු.ඔහු පරමාදර්ශි ක්‍රීඩකයෙක්ය.එහෙත් හිටපු ජාතික කණ්ඩායමක නායකයෙක් පරිපාලනය වශයෙන් තමන්ව ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ ප්‍රතික්ෂේප කරන නිසා බලයට ඒමට නොහැකිවීම ගැන ඇති විරෝධය සහ වෛරයේ ඇරියස් කවර් කරන්නට තීරණාත්මක තරගාවලියක සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරෙයිද කියලා බලමු වැනි එම කණ්ඩායම තේරීම ගැන සැක පහළ කරමින් ඇතුළතින් නොතේරුණොත් පාලකයන්ට ගේම දිය හැකි බව සිතාගෙන කරන ප්‍රකාශනම් හිරිකිතය.


ඒ හිරිකිත අදහස්වලින් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වැටෙන්නට අවශ්‍යය නැත.කුමන තත්ත්වයකදී වුව තමන්ට කළ හැකි හොඳම දේ වෙනුවෙන් කැපවීම සහ ක්‍රියා කිරීම වැදගත්ය.අද ඒ සම්බන්ධයෙන් හොඳ ඉඟියක් අර්ජුනට ප්‍රදර්ශනය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.අර්ජුන වක්‍රාකාරයෙන් ශ්‍රී ලංකාවට වඩා ඉහළින් තැබූ ඕමානයට කඩුලු 10 ක පරාජයක් අත් කර දෙමින්ය.


මේ තරගාවලියේ කණ්ඩායම් දෙකක්ම පරාජයට පත් කර සිටි ඕමානය අද ශ්‍රී ලංකාව මුණ ගැසෙන විට ජයග්‍රහණය කෙසේ වෙතත් හොඳ තරගයක් දෙනු ඇතැයි ක්‍රිකට් ලෝකයම බලාපොරොත්තු වන්නට ඇත.එහෙත් ඇත්තටම සිදු වූයේ පන්දු ඕවර් 30.2 ක් තුළ ඕමානය ලකුණු 98 ට දැවී යාමය.වනිඳු හසරංග දෙවැනි තරගයේදී පළමු තරගයේදී මෙන්ම කඩුලු පහේ සීමාවට පැමිණියේය.පළමු තරගයේදී ලකුණු 23 ට කඩුලු 6 ක් බිඳ දැමූ වනිදු මේ තරගයේ දී ඕමාන ඉණිම විනාශ කරේ ලකුණු 13 කඩුලු 5 ක් දවා ගනිමින්ය.
ඕමාන පිතිකරුවන් තිදෙනෙක් පමණක් ඉලක්කම් දෙකේ සීමාවට ආවේය.ඒ ආයන් ඛාන් (41),ජතින්දර් සිං (21) සහ ෆයාස් බට් (නොදැවී 13) පිතිකරුවෝය.


ලකුණු 99 ක් වූ ඉලක්කය කඩුලු නොදීම පසු කරන්නට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ සමත් වූහ.දිමුත් කරුණාරත්න පන්දු 51 දී නොදැවි ලකුණු 61 ක් එක් කර ගත් අතර පැතුම් නිශ්ශංක පන්දු 39 දී නොදැවී ලකුණු 37 ක් එක් කර ගන්නට සමත් විය.පන්දු ඕවර් 15 නිමාවන පන්දුවේදී ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව ලකුණු 100 ට පිවිසියේ තරගයේ ජයග්‍රහණය ඉතා පහසුවෙන් සහ ඉක්මණින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින්ය.
දුලිප් මෙණ්ඩිස් ගැන ඇත්තටම සතුටුය.තරග දෙකක් දිනා දෙන්නට මේ තරගාවලිය තුළ ඔහු ඕමානය මෙහෙයවීම අපූරුය.ලාංකිකයෙක් වශයෙන් ඔහුගේ හැකියාවට ගරු කළ යුතුය.ඔහු එම හැකියාව වෙනුවෙන් ලබන ගෞරව සත්කාර සම්බන්ධයෙන් ලාංකේය පපු තුළ ආදරයක් ගෞරවයක් ඉපදීම ද අසාමාන්‍ය නැත.තමුන් ප්‍රතික්ෂේප කරන මිනිහෙක් වුව ඔහුගෙන් රටට ගෞරවයක් ගෙන එනවානම් ඒ වෙනුවෙන් ගෞරව කිරීම අපේ පුරුද්ද විය යුතුය.අර්ජුන ඒ දේ ඉගෙන ගත් දවසට තව ලෝක කුසලානයක් වුව ශ්‍රී ලංකාවට දිනා දීම වෙනුවෙන් මඟ පෙන්වන්න එක් විය හැකිය.දැනට ඇත්තේ තමන් අකමැති අයට රටට කෙළවෙනවානම් ඒ රටට වුව ද කම් නැත අන්දමේ පහත් හැඟීමක් බව අපේ නිරීක්ෂණය ය.


එය රන් රස සේ පෑහෙන මට්ටමේ එකතුවක් බව, ක්‍රීඩා අමාත්‍යවරයා, අර්ජුන සහ ජාතික ක්‍රීඩා සභාවේ ඇතැම් චරිත ද දිහා බලන විට ප්‍රදර්ශනය වන දෙයකි.සමහර අම්මලා දරුවන් හදාගන්නේ දරුකමට ආදරයක් ඇති නිසා නොවේය.තමන් මවක් නොවීමෙන් සමාජයෙන් කොන් වේ ය යන හැඟීමෙන්ය.එවිට තමන්ගේ කියන අයිතිය දැනෙනවා වැඩි නිසා එවැනි අවස්ථාවල දක්ෂතාවය ඇතුව හෝ නැතුව තමන්ගේ දරුවාට ලෝකය දිනා දෙන්නට එවැන්නෝ සටන් කරති.එයින් පෙනෙන්නේ දිනවන්න අවශ්‍යය දරුවාව නොව,තමන්ගේ දිනීමේ අවශ්‍යයතාවය ය. මාතෘත්තවය සහ පීතෘත්වය යනු තමන්ගේම ශුක්‍රාණු සහ ඩිම්බ සමග ඇති බැඳියාවකින් උපදින දෙයක් නොවිය යුතුය.එම උත්තරීතර හැඟීම ඇති කර ගත හැකි අනන්‍යතාවයක් අවංකවම ක්‍රීඩාව පාලනය කිරීමේදී තිබිය යුතුය.රටක් යනු තමන්ය යන තරමට පටු නැති පුළුල් ආදරණිය හැඟීමක්ය.
තරග අවසානයේ ඕමාන් නායක ශේසාන් මක්ෂූඩ් පැවසූ වචන ඉතාමත් වැදගත්ය.ඒ මෙණ්ඩිස්,අර්ජුණ ඇතුළු ඉතිහාසය විසින් ලෝකය ගැන ඇති කර තිබෙන හැඟීමය.


ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීම අපට ආඩම්බරයකි. අපි ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා,”


අපේ බොහෝ පිරිස් ඔවුන්ගේ රටේ සේවකයෝය.විශාල කාන්තාවන් පිරිසක් ගෘහ සේවිකාවෝය.එවැනි මෙහෙ කරන මිනිසුන් ගැන ආඩම්බර හැඟීමක් දෙන්න මෙණ්ඩිස්ට හැකි වීම අපූරුය.අර්ජුන අතුළු ඉතිහාසයේ විශිෂ්ඨයෝ එයට දායක වී ඇත.අරුජුන මේ පහරන්නේ තමන්ගේ හිස ද ඇති ඒ වීර හිස් මතටය.අඩුම තරමේ තමන්ද ඉතිහාසයේ අභියෝග කළ නොහැකි වීර ක්‍රීඩා භූමිකාවක සිටි අයෙක් බව බුද්ධිමත්ව සිතිය හැකිනම් ක්‍රිකට් දෙස වෛරීව නොබලනු ඇත.තමන්ගේ සුවිසල් කීර්තයේ පැසට අල්පෙනෙති තුඩුවලින් නො’අනින්න.එය බිදෙන් බිද සිදී හිස්වනු ඇත.


පකිස්තානයේදී අර්ජුනට හමු වූ සිරුරෙන් ආබාධිත මිනිසා තරගය ආරම්භයේදී කළ ආශිර්වාදය ගැන අරුජුන නිතර ගෞරවයෙන් සිහි කරයි.අපි කියන්නේ එය ජීවිතයට ගන්න.මනසින් නිරෝගී වුවහොත් ඔබටත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඒ ආශිර්වාදය කළ හැකිය.

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ ලකුණු විස්තරයට මෙතනින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/oman-vs-sri-lanka-11th-match-group-b-1377756/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan