කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පිළිබඳ  ආරක්ෂක ලේකම්වරයාගේ පැසසුම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඊයේ (23) පැවති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි අලුතින් ඉදිකරන ලද යටිතල පහසුකම් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසා සිටියේ ආරම්භයේ සිටම කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපනයේ සහ පර්යේෂණවල විශාල ප්‍රගතියක් ලබා ඇති බවයි .

විශ්වවිද්‍යාලයේ ප්‍රමිතීන් ඉහළ නංවමින් දේශීය හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා උපකුලපතිවරයා ඇතුළු අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ද වන ජෙනරල් ගුණරත්න  ඇගයීමට ලක් විය .

වේරහැර ‘සෝමාදේවි’ කාන්තා නේවාසිකාගාර සංකීර්ණය සහ නීති පීඨය, කළමනාකරණ, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය ඇතුළු රත්මලාන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි ගොඩනැගිලි කිහිපයක් සහ මූලස්ථාන සංකීර්ණය අලුතින් එක් කළ පහසුකම් අතර වේ.

ආරක්‍ෂක අංශයට සහ රාජ්‍ය සේවයට ඉමහත් දායකත්වයක් ලබාදුන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි විශිෂ්ඨ ආදි විද්‍යාරථින්ගේ සේවය ඇගයීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් ‘Hall of Fame’ හි සමාරම්භය ද මෙහිදී එක් කරන ලද සුවිශේෂී අංගයක් වූ බව සඳහන් වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ , ගොඩබිම්, සමුද්‍රීය සහ ගුවන් ආරක්‍ෂක යන අත්‍යවශ්‍ය අංග ඇතුළත් Post Independence Defence Policy ග්‍රන්ථය එළිදැක්වීම සහ සම්මන්ත්‍රණයද එහිදී පැවැත්වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...