විරෝධතා නොමැති නම් ” අස්වැසුම ” පළමු වාරිකය ජූලි මාසයේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (24) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ විරෝධතා ඉදිරිපත්ව නොමැති පවුල් සඳහා පළමු වාරිකය ජූලි මාසයේ ලබා දීමට කටයුතු කරන බවයි .

අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ දැනට ප්‍රසිද්ධ ඇත්තේ ප්‍රතිලාභීන්ගේ අවසාන නාම ලේඛනය නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තවද, අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබා දී ඇති දින 10ක කාලයෙන් පසු සිදු කරන සොයා බැලිමෙන් අනතුරුව අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

එම කාලයෙන් පසුව වුවද කිසියම් පවුල් ඒකකයක් තමාට අසාධාරණයක් සිදු වූ බවට අභියාචනා ඉදිරිපත් කළ හොත් එය සලකා බැලීමට ද සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය සූදානම් බව දන්වා ඇත .

මීට අමතරව දැනට ලැබී ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමට අදාළ කමිටු දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පත්කරනු ලැබ ඇති අතර දින 10 අවසන්ව ඉතා කෙටි කාලයකින් අවසන් ලේඛනය ප්‍රසිද්ධ කිරීමේ හැකියාව ද පවතින අතර අදාළ පුද්ගලයින් අභියාචනා ඉදිරිපත් කිරීම සහ විරෝධතා ඉදිරිපත් කිරීම මිස වෘත්තීය සමිති හෝ දේශපාලන මතවාද සමග එක්ව කටයුතු කිරීම සිදු නොකළ යුතු බවයි වැඩබලන මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...