මත්ද්‍රව්‍ය භාවිතයේ සංකූලතා සිදුවන මරණ වැඩි වෙලා – පශ්චාත් මරණ පරීක්ෂණ වලින් තහවුරු වෙයි

Date:

කොළඹ LNW:මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන සංකූලතා නිසා වාර්තා වන මරණ ප්‍රමාණය වැඩි වී ඇති බව මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.

අවුරුදු 60ක් 70ක් ජීවත් විය හැකි පුද්ගලයින් මත්ද්‍රව්‍ය වසර 35ක් වැනි කෙටි කාලයකින්ය මිය යන බවයි විශේඥ අධිකරණ වෛද්‍ය වරයා සඳහන් කරන්නේ.

ශරීර අභ්‍යන්තරයේ කිසිදු නිධන්ගත රෝගාබාධ නොමැතිවත් මත්ද්‍රව්‍ය නිසා මරණ සිදුවන බව ඔහු පෙන්වාදෙයි.

පසුගිය දිනක IDH රෝහලේ වයස අවුරුදු 32ක පුද්ගලයෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් එවැන්නක් තහවුරු වූ බව අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා කියාසිටියි.

ඔහුගේ ශරීර අභ්‍යන්තරයේ කිසිදු රෝග නිධානයක් නොමැති වීම නිසා සිදුකළ මුත්‍රා පරීක්ෂණයකින් එම තැනැත්තා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවත් ඒ හේතුවෙන් ඇති වූ සංකූතාවක් මත මරණය සිදුව ඇති බවත් තහවුරු වී තිබේ.

අයිස් මත් ද්‍රව්‍ය භාවිතා කිරීමේදී ස්නායූ පද්ධතියේ ඇතිවන උත්තේජනයක් ලෙස හදිසියේ හෘදය ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය විය හැකි බවයි චන්න පෙරේරා මහතා පවසන්නේ.

එමෙන්ම හෙරොයින්, කොකේන් වැනි ඒවායෙන් ශ්වසන පද්ධතියට දැඩි හානි සිදුකර මරණය සිදුකළ හැකි බවද ඔහු පෙන්වාදෙයි.

”ස්ටෑම්ප් කියන දිව යට තියාගන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ගේ පරීක්ෂණයක් කළා. ඒකෙත් තිබ්බේ සඩ්න් කාඩියැක් අරෙස්ට් රෝගය ( ක්ෂණිකව හෘදය නතරවීම්). මත්ද්‍රව්‍ය එන්නත් කර ගත්ත අයගේ මරණ එනවා. මත්ද්‍රව්‍ය භාවිතාකරන අය නිසා ගෘහස්ත ප්‍රචන්ඩත්වය වැඩිවෙලා. විශේශයෙන් මත්පැන් වලට වඩා මත්ද්‍රව්‍ය නිසා ගෘහස්ත ප්‍රචන්ඩත්වය වැඩිවෙලා තියෙනවා. දැනටත් අපේ වාට්ටුවේ ඉන්නවා කායික හා ලිංගික පීඩාවට පත්වෙච්ච කෙනෙක්. ගෘහස්ත ප්‍රචන්ඩත්වයට ලක්වෙන අයගෙන් 60% පමණ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් නිසා වෙච්ච ප්‍රචන්ඩත්වය. මත්ද්‍රව්‍ය නිසා මානසික රෝග වැඩිවෙලා. පාසල් දරුවනුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම වැඩිවෙලා. අපිට පේනවා මත්ද්‍රව්‍ය නිසා පුනරුත්ථාපනය කර සමාජගත කළාට පස්සේ ඔවුන් ගැන පසු විපරමක් කරනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද පුනරුත්ථාපනය කළ අය නැවත මත්ද්‍රව්‍ය භාවිතාකිරීම දකින්නට ලැබෙනවා. මේ පුනරුත්ථාපනය නියාමනය වෙන්න ඕන.”යනුවෙන් විශේඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...