වැ.බ. ආරක්‍ෂක ඇමති ‘INS Vagir’ ඉන්දීය සබ්මැරීනයේ සංචාරයක

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා (ජුනි 21) බදාදා කොළඹ වරායේ පිහිටි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනයේ සංචාරයක නිරත විය.

අමාත්‍ය තෙන්නකෝන් ජැටිය වෙත පැමිණි අවස්ථාවේදී සබ්මැරීන අණදෙන නිලධාරී කමාන්ඩර් එස් දිවාකර් විසින් පිළිගනු ලැබූ අතර, පසුව ඔහු සමඟ සබ්මැරීනය වෙත පැමිණියේය.

සබ්මැරීනයේ චාරිකාව අතරතුර, යාත්‍රාවේ තාක්‍ෂණික සහ සමුද්‍රීය හැකියාවන් පිළිබඳව අමාත්‍යවරයාට සවිස්තරාත්මක විස්තරයක් ලබාදෙන ලදි.

මෙම සංචාරය සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා සහ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් විකාස් සූද් ද එක්ව සිටියහ.