ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක සුහුරු පන්ති කාමර ස්ථාපිත කිරීම කඩිනම් කෙරේ

Date:

2023 ජූනි 19 වන දින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීන පරිගණක විද්‍යාගාර සහ විශේෂයෙන් සකසන ලද විෂය නිර්දේශ මෘදුකාංග සහිත සුහුරු පුවරු ස්ථාපිත කිරීම වේගවත් කිරීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික ලේඛන හුවමාරු කර ගන්නා ලදී. කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

2.       රාජ්‍ය තාන්ත්‍රික ලේඛන හුවමාරු කර ගැනීම ශ්‍රී ලංකා රජය විසින් දක්වා ඇති රාමුවට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සිදු කරමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම තවදුරටත් විධිමත් සහ වේගවත් කරනු ඇත. ඉන්දියානු රජයේ ප්‍රදාන යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය අඩු පහසුකම් සහිත ප්‍රදේශවල පාසල් දරුවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම අරමුණු කරයි. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉන්දියානු රජය විසින් ක්‍රියාවට නංවා ඇති ප්‍රදාන ව්‍යාපෘති රැසක් අතරින් එකකි.

3.       ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත සංවර්ධන සහයෝගය ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වන අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදාන වේ. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ප්‍රදාන ව්‍යාපෘතීන් 65ක් පමණ දැනටමත් ක්‍රියාවට නංවා ඇත. දැනට ප්‍රදාන ව්‍යාපෘතීන් 20ක් පමණ ක්‍රියාත්මක කිරීමේ විවිධ අදියරයන්හි පවතී. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය සහ සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දියානු ප්‍රදාන යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ප්‍රධානතම ව්‍යාපෘතීන් දෙකකි.

***

කොළඹ

2023 ජූනි 20

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය