පොහොර මිලදීගැනීමේ වව්චර්පත් වල වලංගු කාලය දීර්ඝ කෙරේ .

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගොවි සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලමින් ,මෙවර යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර ඇති වවුචර්පත්වල වලංගු කාලය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

අම්පාර හා උතුරේ මෙන්ම උතුරු මැද පළාතේත් ඇතැම් දිස්ත්‍රික්කවල මේ වනවිට යල කන්නයේ අස්වනු නෙළන අවදිය බැවින් නැවත පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි සඳහන් වූවන් , දැනට නිකුත් කර තිබෙන වවුචර්පත්වල වලංගු කාලය මාස දෙකක් නිසා එම ගොවීන් යුරියා හා අනෙකුත් පොහොර වවුචර්පත්වලට මිල දී ගැනීමට උත්සහ දරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත  .

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, මෙම කාරණය සැලකිල්ලට ගනිමින් මෙම වලංගු කාලය දීර්ඝ කිරීමේ තීරණය ගෙන ඇති අතර එම නිසා මෙම වසරේ දෙසැම්බර් මාසය අවසන් වන තෙක් දැනට නිකුත් කර ඇති වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කරන බවත් , තදබදයකින් තොරව ගොවි ජනතාවට අවශ්‍ය පොහොර මිල දී ගත හැකි වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෙන් සහ දුමිදු ජාත්‍යන්තර පිටියේදී දස්කම් දක්වයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යහුයේ...

ආපදාවට පත් පුද්ගලයින්ට සහ ව්‍යාපාර වෙත මහ බැංකුවෙනුත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට ලක්වූ පුද්ගලයින්ට සහ...

ලෝක කුසලාන මිශ්‍ර කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: මාල දිවයිනේදි ඊයේ නිමාවට...

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...