*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

පත්තු වූ අතපත්තු වූ නවසීලන්ත අපරාජිත වාර්තාව දවාලයි

කලකට පසුව සියයට සියක විශ්වාසය ප්‍රදර්ශනය කළ චමරි අතපත්තු නවසීලන්තය ලබා දුන් ලකුණු 170 අභියෝගය තනියම භාරගත් බවක් පෙන්නුම් කරන පිතිහරඹයක නිරත වෙමින්,නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු නවයක ඓතිහාසික ජයක් ලබා දෙන්නට පෙරමුණ ගත්තාය.මේ වසරේ පෙබරවාරි මස 19 දා අවසාන වරට නවසීලන්තය මුණ ගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාව ඔවුන් වෙතින් ලද පරාජය ලකුණු 102 ක් විය.ඒ ගෙවුණු 20 -20 ලෝක කුසලාන තරගාවලියේදී ය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමකට එරෙහිව ලද පළමු ජයග්‍රහණය මේ ජයග්‍රහණය විය.වර්ෂාව ඇති කළ බාධාවෙන් පන්දු ඕවර් 28 ට සීමා වූ තරගයේ පළමුව පන්දුවට පහර දීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් තීරණය කළේ කාසියේ වාසිය තමන් නතු කර ගැනීමෙන් අනතුරුවය.වේගවත් ප්‍රහාරයක් දියත් කළ ඔවුහූ පන්දු ඕවර් 28 කඩුලු 5 ට ලකුණු 170 ක් ලබා අවසන් කළහ.එහිදී නවසීලන්තය වෙනුවෙන් හොඳම ඉණිම ක්‍රීඩා කළේ ඇමෙලීයා කෝර් ය.ඇය ලකුණු 40 ක් ලැබුවේය.
වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පන්දු යවන්නිය බවට සැළකෙන ඉනෝකා රණවීර මෙහිදී තරමක ප්‍රහාරයකට ලක් වූවාය.ඇයගේ පන්දු ඕවර් 6 තුළ ලකුණු 41 ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.ඇයට හිිමි වූයේ එක් කඩුල්ලක් පමණක් වුව ද පන්දු රැකීමේදී රණවීර කඩුලු දෙකක් දවා ගැනීමට දායක වූවාය.කවීශා දිල්හාරි ලකුණු 26 ට කඩුල්ලක් ද,සුගන්ධිකා කුමාරි ලකුණු 28 ට කඩුල්ලක් ද දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරිණයන්ගෙන් නායිකා චමරි අතපත්තු එම ලකුණු ප්‍රමාණය හඹා යා හැකි බවට වූ දැඩි විශ්වාසයෙන් යුතුව පිත්ත හැසිරුවාය.ඊට සහයක් ලබා දෙමින් කඩුලු වැටීමේ අවධානම ඇති නොකරන්නට විශ්මි ගුණරත්න පරිස්සම් වූවාය.චමරි පන්දු 83 දී ලකුණු 108 ක් එක් කරමින් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත කණ්ඩායමක් අභිබවා යා හැකි බව සහතික කළාය.විශ්මි පන්දු 74 දී ලකුණු 50 ක් ලබමින් චමරිට දුන් අනගි සහය නිසා ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 159 ක් විය.


චමරි තමන් මුහුණ දුන් 42 වන පන්දුවේදී ලකුණු 50 සටහන් කර ගත්තාය.ඇය ඒ වන විට එක් හයේ පහරක් පමණක් එල්ල කර තිබූ අතර හතරේ පහර 4 ක් වාර්තා කර තිබුණාය.නමුත් වඩා විශ්වාසයකින් සහ වැඩි වේගයකින් අර්ධ ශතකයෙන් පසුව පන්දුවට පහර දුන් චමරි මුහුණ දුන් 79 වන පන්දුවේදී ශතකය වාර්තා කරන විට තවත් හතරේ පහර හයක් සහ හයේ පහර 3 ක් එල්ල කර තිබුණාය.එම සම්පූර්ණ හයේ පහර ප්‍රමාණය ශතකයෙන් පසුව එල්ල කළ හයේ පහර ප්‍රමාණයත් සමඟ පහක් බවට පත් කර ගත් චමරි ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු පූවරුව ලකුණු 172 බවට පත් කළේ 27 වන ඕවරය නිමා කරන පන්දුවේදී ය.

ගාල්ලේදීම තවත් තරග දෙකකි.චමරි පිතිකරුවෙක් මෙන්ම නායිකාවක ලෙස ද වඩාත් අවධානයෙන් සිය කණ්ඩායම සමඟ මේ තරගයේදී ප්‍රතිවාදීන් වෙත දුන් පීඩනය රැක ගැනීමට සමත් වුවහොත් නවසීලන්තය පළමු වරට තරගයකින් පරාජය කිරීමට නවසීලන්තය පළමුවරට තරගාවලියකින් පරාජය කිරීම ද එකතු විය හැකිය.තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/icc-women-s-championship-2022-23-2025-1308225/sri-lanka-women-vs-new-zealand-women-1st-odi-1379757/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan