*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

කවීශාගේ ඉණිමෙන් නවසීලන්ත ජයග්‍රහණයේ පළල පටු කරයි

නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 116 ක් ජයක් අත් විය.ප්‍රථම තරගයේදී කඩුලු නවයක ජයක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එවැනි පරාජයක් අත් කර දෙන්නට හැකි වීම නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ වෘත්තීය ගුණය හොඳින් ඉස්මතු වීමකි.
කාසියේ වාසිය සමඟ පළමුව පන්දුවට පහර දීම තීරණය කළ නවසිලන්ත ක්‍රීඩිකාවන්ට මුල් කඩුල්ල අහිිමි වුයේ ලකුණු 7 දී ය.දැවි ගිය ක්‍රීඩිකාව වූයේ ඔවුන් සතුව සිටින ප්‍රවීනම ක්‍රීඩිකාව වන සුසී බෙට්ස් නම් වූ හිටපු නායිකාවය.දෙවන කඩුල්ල දැවී ගියේ ලකුණු 57 දී ය.එතැන් සිට පිටියේ එක් වූ වත්මන් නායිකා සොෆී ඩිවේන් සහ ඇමෙලියා කොර් තෙවන කඩුල්ලට ගොඩ නැඟූ ලකුණු 229 ක අති දැවන්ත සබඳතාවය ශ්‍රී ලංකාව තරගයෙන් ඉවත් කරන්නට සමත් විය.


එහිදී පළමු තරගයට ක්‍රීඩා කළ හංසිමා කරුණාරත්න එහිදී කිසිම පරික්ෂාවකට ලක් නොවුණු අතර දෙවන තරගයේදී ඇය කණ්ඩායමෙන් ඉවත තබා කාව්‍යා කාවින්දි කැඳවා තිබිණ.රත්ගම දේවපතිරාජයෙන්ම ක්‍රිකට් අත්පොත් තබා ඇති ඇය තරගයට කැදවා පන්දු ඕවර් දෙකක් පමණක් යවා එහිදී ලබා ගත් ලකුණු 17 සළකා මුලු තරගයේම යළි පන්දු යැවීමට කැඳ වූයේ නැත.ඉලක්කයක් හඹා යද්දීනම් එවැනි තත්ත්වයක් ඇති වීම සාමාන්‍යයෙන් විය හැකි වුව ද,මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමක දැවන්ත සබදතාවයක් ගොඩ නැඟෙන මොහොතක චමරි නැවත කාව්‍යා හරහා බලපෑමක් කිරීමට උත්සාහ නොකළේ ඇයි ද යන්න ගැන සිතා ගන්නට නොහැකිය.

O


පන්දු යවන්නියක සේ කණ්ඩායමට කැඳවා ඇයගේ පන්දු ඕවර් දෙකට ලකුණු 17 ක් ලබා ගැනීමෙන් පසුව සඟවා තැබීම හිතා ගන්නට අපහසු කරුණකි.විශේෂයෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් වඩාත්ම පීඩනයක් ඇති කළ පන්දු යවන්නිය වූ මදවේග පන්දු යවන්නිය වූ උදේශිකා ප්‍රබෝධනී අඩුම ලකුණු සාමාන්‍ය තබාගෙන කඩුලු දෙකක් ද දවා ගනිද්දී ඇයගේ පන්දු ඕවර් 10 ම භාවිතා නොකිරීමත්,පන්දු ඕවර් දෙකකින් පසු කාව්‍යා දෙස නොබැලීමත් චමරි අත්පත්තුගේ හොඳ තීරණ ලෙස ගත නොහැකිය.කාව්‍යා පන්දු ඕවර් දෙකට පන්දු 15 ක් යවා ඇති අතර ඇයගේ වයිඩ් පන්දු තුන යැවීම සළකා නිසි ඉලක්කයට පන්දු යැවීමට යොමු කරන්නට තිබුණු අතර ඉනෝකා රණවීර ද පන්දු ඕවර් 10 සඳහාම යොදා නොගැනීමට හේතුව දන්නේ චමරි පමණි.සමහර විට සියල්ල පීඩනයක්ව ඇය පමණක්ය යන්න ඇති කර තිබෙන මානසික පීඩනය මේ තත්ත්වය ඇති කරනවා ද විය හැකිය.ඒ ගැන ක්‍රිකට් පරිපාලනය සාකච්ඡා කළ යුතු අතර සංනිවේදන සබැඳියාවක් ඇය සමඟ ක්‍රීඩාගාරය විසින් පවත්වාගෙන නොයන්නේ ද යන්නත් මෙහිදි අවධානයට ලක් කළ යුතු තත්ත්වයකි.


ශ්‍රී ලංකා කණ්ඩායම විසින් නොසළකා හරින ලද කරුණුවල ප්‍රතිපලය වූයේ පන්දු ඕවර් 50 තුළ නවසීලන්ත ඉණිම කඩුලු 7 ට ලකුණු 329 ක් වීමය.පිළිතුරු ඉණිමේදී මුල් කඩුලු 4 ලකුණු 35 ට අහිමි වන්නේය.බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් සහිතව සිටි චමරි අතපත්තු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යන්නේ ලකුණු නොලබාය.එවැනි තත්ත්වයකදී චමරි යනු ශ්‍රී ලංකාව යන මතය සමඟ හැසිරෙන සමාජයක ඒ මානසිකත්වය සමඟ කණ්ඩායම තුළ නැඟෙන පීඩනය පාලනය කර ගන්නට දුෂ්කරය.
නමුත් අප මේ තරගයට පෙර තරගය සම්බන්ධයෙන් තැබූ පූර්ව සටහනෙන් ද මතු කළ සුවිශේෂී ක්‍රීඩිකාවක වන කවීශා දිල්හාරී ලකුණු 35 දි පිටියට පිවිස ලකුණු 204 දක්වාම පිටියේ රැඳෙමින් අපූරු ඉණිමක් ක්‍රීඩා කළාය.මෙතරම් දිගු ඉණිමකට අවස්තාව සැළසි මොහොතේ මේ දක්වා ඇයි පෙන්වා තිබූ හැකියාවේ සැබෑම ස්වරූපය මතු කර පෙන් වූ කවීශා 9 වන කඩුල්ල ලෙස දැවී යන විට හොඳ සහයක් නොමැතිව හුදෙකලාව පන්දු 98 දී ලකුණු 84 ක් එක් කරගෙන උන්නාය.නමුත් ඇය අනුශ්කා සංජීවනී (17) සමඟ 5 වන කඩුල්ලට ලකුණු 36 ක්,ඕෂධි රණසිංහ (8) සමඟ 6 වන කඩුල්ලට ලකුණු 32 ක්,කාව්‍යා කාවින්දි (15) සමඟ 7 වන කඩුල්ලට ලකුණු 36 ක් සහ සුගන්ධිකා කුමාරි (10) සමඟ 8 වන කඩුල්ලට ලකුණු 34 ක් ලෙස සබඳතාවයන් ගොඩ නඟමින් ක්‍රීඩා කළ පිරිපුන් විලාශය අපූරුය.තවමත් 22 හැවිරිදි ඇය ගැන ශ්‍රී ලංකාවට අනාගතයේ තැබිය හැකි බලාපොරොත්තු ගැන මේ දුන් ඉඟිය බලධාරීන්ට ඇය රැක ගැනීම සඳහා වෙනම හිතන්න ඔත්තුවකි.


අප මේ තරගය ගැන ලියූ පූර්ව සටහනට මෙතනින් පිවිසෙන්න.
https://sinhala.lankanewsweb.net/06/29/59789/
විශාල ලකුණු සංඛ්‍යාවක් ඉදිරියේ ඉතා විශාල ලකුණු ගණනකින් පරාජය වීමේ ඉඩට තිත වගේම එවැනි ලකුණු ප්‍රමාණයක් හඹා යාමේ හැකියාවද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුළ ඇති බව මේ තරගයෙන් ලද හොඳ ඉඟියකි.අවසන් පිතිකරුවන් කවීශා වෙනුවෙන් සහ ඇය සමඟ කල්පනාකාරී වූ තරමට මුල පෙළ ද කල්පනාකාරී වුණානම් මේ ලකුණු ප්‍රමාණය හඹා යන්නට ද හැකියාව නැති බව සිතිය නොහැකිය.පළමු තරගයේ දී ලකුණු 171 යනු පන්දු ඕවර් 28 ක ලකුණු ප්‍රමාණයකි.නමුත් පන්දු ඕවර් 50 ට නවසීලන්තය ලැබූ ලකුණු ප්‍රමාණය වැටෙන්නේ ද එම ලකුණු වේගයට ආසන්න ගණනකට වුවත්,ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ මනසට සියයට වඩා තුන්සීයේ බලපෑම තදින් දැනිම මෙහි ඇතුළත කතාවය.අප ඇත්තටම පරාජය වන්නේ අපේම මනසට ද යන්න සිතා ක්‍රීඩිකාවන්ගේ මානසික සංවර්ධනය සහ විශ්වාසය ඇතුළත් පෞරුෂ වර්ධන වැඩ සටහනක් අවශ්‍යය වී ඇති බව අපේ විශ්වාසයය.


තරගයේ ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/icc-women-s-championship-2022-23-2025-1308225/sri-lanka-women-vs-new-zealand-women-2nd-odi-1379758/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan