අධිවේගයට Lanka QR

Date:

ජනතා කාර්‍යන් වඩාත් කාර්‍යක්ෂම කිරීම සඳහා රාජ්‍ය පරිපාලනයේ සිට මුදල් ගණුදෙනු දක්වා සියලු කටයුතු ඩිජිටල්කරණයට ලක් කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටපුරා ඩිජිටල් ගෙවීම් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව The lanka QR ජාතික ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. එම ව්‍යාපෘතිය අධිවේගී මාර්ගයේ ගෙවීම් සඳහා QR හඳුන්වා දීමේ වැඩසටහන කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී 2021/12/21 වන දින සිදුවූයේ ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි .

Lanka QR ජංගම දුරකථන යෙදවුම සක්‍රිය කර ගැනීමෙන් මුදල් භාවිතයකින් තොරව සිය ගෙවීම් කළ් හැකියි. ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් මෙන්ම ඩිජිටල් සමාජයක් හරහා ගමන් කිරීම සඳහා මෙය ප්‍රධාන සංදිස්ථානයක් වේ.
අපේ රටේ ඊළඟ පරම්පරාව ඊළඟ කාලසීමාව තුළ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් මෙරට තුළ මෙය ව්‍යාප්ත කරමින් පවතී. රාජ්‍ය යාන්ත්‍රනය සිට මේ රටේ මුදල් හැසිරවීම සඳහා රාජ්‍ය පරිපාලනය දක්වා තාක්ෂණය තුළ කරුණු කාරණා ඒකරාශී කිරීම සඳහා මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත.

මෙම Lanka QR සේවය මගින් ජනතාවට තම කාලය මිඩංගු නොවී තම මුදල් කටයුතු වැඩි සුරක්ෂිත භාවයකින් සිදු කර ගැනීමටත් සරලව සහ ඉතාමත් ඉක්මනින් කල හැකි මුදල් ක්‍රමයක් වන මෙය මුලු රටටම QR යන යෙදවුම හඳුන්වා දී ඇත.

මතුපිට කරන ගණුදෙනුව සුරක්ෂිත , සරල සහ ඉක්මනින් විය හැකි නමුත් එහි පිටුපස දැවැන්ත ජාලයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. මහ බැංකුව , ලංකා ක්ලියර් ආයතනය බැංකු පද්ධතිය යන සියලු දෙනාම එකතු වී අවශ්‍යයතාවය ජනතාවට සපුරාලීමට අවශ්‍ය වන පසුබිම සකස් කර ඇත.
කොවිඩ් වසංගතයෙන් බේරී විෂබීජ පැතිරීම වලකාලීමට මෙම Lanka QR සේවය විශාල පිටුවහලක් වේවි.
රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...