දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ලඟදීම කැබිනට් මණ්ඩලයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):දුම්රිය මෙහෙයුම් පාඩුව අවම කිරීම හා මගීන්ට කාර්යක්ෂම සේවයක් සැලසීමේ අරමුණින් ,  දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ,එහි ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා සඳහන් කළේ,දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි .

මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ද අදහස් ලබා ගැනීම ආරම්භ කර ඇති අතර , දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව ඒ සඳහා වැය කරන මුදල ඉතිරි කර ගැනීමට ද බලාපොරොත්තු වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...