මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලක්ෂපතියෝ කරති

Date:

තායිලන්තයේ බැංකොක් නුවර පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගිවන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනා වෙත එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමට රිට්ස්බරි අනුග්‍රහය හිමි වී ඇත.ඒ සීබීඑල් ෆුඩ් (පුද්ගලික) සමාගමේ “මව්බිමට වීරයෙක්” ව්‍යාපෘතිය යටතේය.

එම මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම් කට්ටල වෙනුවෙන් අනුග්‍රහය හිමිවන්නෙ මාස් සමූහය යටතේ බොඩිලයින් ආයතනයෙන්ය.තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 400 පිරිමි සහ කාන්තා ඒකල ඉසව් මෙන්ම මීටර් 400 පිරිමි සහ කාන්තා මෙන්ම මිශ්‍ර සහය දිවීමේ ඉසව් ද නියෝජනය කිරීමට තීරණය කර ඇත.කාන්තා දුර පැනීම,තුන්පිම්ම සහ හෙල්ල වීසි කිරීම ඉසව් සඳහාද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගි වෙති.
පහත ඡායාරූපයේ දැක්වෙන්නේ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නිල ඡායාරූපය ය.

ඉදිරි පෙළ (වමේ සිට) – ජගත් සිල්වා (කළමණාකරු),ගයන්තිකා අබේරත්න,(මීටර් 800,මීටර් 1500 -කණ්ඩායම් නායිකා),මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු (සභාපති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය),සමන් කුමාර ගුණවර්ධන (ලේකම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය),කාලිංග කුමාර (මීටර් 400 පිරිමි සහ පිරිමි සහ මිශ්‍ර මීටර් 400 සහය)
⁣මැද පෙළ – අසංක රාජකරුණා (පුහුණුකරු),ඩබ්.ජී.එම්.තුෂාර (පුහුණුකරු),සාරංගි සිල්වා (දුර පැනීම කාන්තා),රාජිත රාජකරුණා (මීටර් 400 සහය පිරිම සහ මිශ්‍ර), පසිදු කොඩිකාර (මීටර් 400 සහය පිරිමි සහ මිශ්‍ර),රන්දි කුරේ (තුන් පිම්ම කාන්තා),දිල්හානි ලේකම්ගේ (හෙල්ල වීසි කිරීම කාන්තා),මුදිතා ලියනපතිරණ (කාන්තා කණ්ඩායම් භාර නිලධාරි)
පසු පෙළ හර්ෂණී ප්‍රනාන්දු (මීටර් 400 කාන්තා සහ මිශ සහය),නදීශා රාමනායක (මීටර් 400 කාන්තා,මීටර් 400 කාන්තා සහ මිශ්‍ර සහය),අරුණ දර්ශන (මීටර් 400 පිරිමි,මීටර් 400 පිරිමි සහ මිශ්‍ර සහය),පබසර නිලූ (මීටර් 400 පිරිමි සහ මිශ්‍ර සහය),ලක්ෂිමා මෙණ්ඩිස් (මීටර් 400 කාන්තා සහ මිශ්‍ර සහය),තරුෂි කරුණාරත්න (මීටර් 800 කාන්තා,මීටර් 400 කාන්තා සහ මිශ්‍ර සහය)

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...