අපේක්ෂා රෝහලේ කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර ලබාදුන් යන්ත්‍රය බිඳවැටෙයි. මහනුවර යන්ත්‍ර මාස 9ක් තිස්සේ කැඩිලා !

Date:

මහරගම අපේක්ෂා රෝහලෙහි කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර ලබාදෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය සති දෙකක සිට අක්‍රිය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

“සති දෙකකට කලින් කුඩා ළමයින්ට ප්‍රතිකාර කරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය බිඳ වැටෙනවා. අපි ඒ වනවිට දවසකට කුඩා ළමුන් 10 – 15 දක්වා සංඛ්‍යාවක් කුඩා ළමුන්ට පිළිකා විකිරණ ප්‍රතිකාර කරමින් සිටියා, අද දවස වනවිට සම්පූර්ණයෙන්ම ඒ ප්‍රතිකාර නැවතිලා තියෙන්නෙ.

ලංකාව පුරා ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් ස්ථාපිත කරලා තිබෙනවා. එයින් 5ක් මහරගම අපේක්ෂා රෝහලේත්, යන්ත්‍ර 2ක් මහනුවර ජාතික රෝහලේත් තියෙනවා. ඉතිරි ඒවා කරාපිටිය, මඩකලපුව සහ යාපනය ශික්ෂණ රෝහල්වල තමයි තිබෙන්නෙ. නමුත් මහනුවර රෝහලේ යන්ත්‍ර 2 පහුගිය නොවැම්බර් 14 වෙනිදා ඉඳලා බිඳවැටිලා තිබෙන්නෙ. එතකොට මහනුවර ප්‍රදේශයේ රෝගියකුට සිද්ධ වෙනවා මේ පිළිකා ප්‍රතිකාරයක් පෞද්ගලිකව කරගන්නවා නම් ලක්ෂ 5 – 17 දක්වා වැය කරන්න. ඒ රෝගීන් යම් ප්‍රමාණයකටත් අපි අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර කරමින් සිටියේ. නමුත් අවාසනාවට අපේක්ෂා රෝහලේ යන්ත්‍රයත් බිඳ වැටෙනවා. එය නැවත යථාවත් කරගැනීමේ හැකියාවක් නෑ.

මෙයට හේතුව මේ යන්ත්‍ර සඳහා වාර්ෂික සේවා ගිවිසුම් ගතවීම සිදුවී නෑ. ඒවාට මුදල් ගෙවාගන්න හැකියාවක් නෑ. මේ අතරමැදදී ප්‍රතිකාර නවතිනවා කියන්නෙ මේ පිළිකා සෛල අපි බාගෙට මරලා නවත්තනවා, එතකොට නැවතත් ඒවා සීඝ්රයෙන් වර්ධනය වෙනවා. මේක බරපතළ තත්වයක්”

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...