සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජාතික රෝහල් ඇතුළු රෝහල් රැසක අක්‍රීය වී ඇති ස්කෑන් යන්ත්‍ර අලුත්වැඩියාව හෙට (10) සිට ආරම්භ කරන බව , අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. ඒ සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.
රජයේ විකිරණ විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ , පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදයත් සමග රෝහල් පද්ධතියේ තිබූ CT ස්කෑන් යන්ත්‍ර ඇතුළු විකිරණ පරීක්ෂණ සිදුකරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ගිවිසුම් ගතවීම සිදුනොවූ බව අමාත්‍යවරයා පැවසූ අතර , එම තත්ත්වය මත මේ වනවිට රජයේ රෝහල් පද්ධතියේ ඇති CT ස්කෑන් යන්ත්‍ර 14ක් ඇතුළු විකිරණ පරීක්ෂණ යන්ත්‍ර රැසක් අක්‍රීය වී ඇති බවයි .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??