ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්රථ කාලසටහන් පළමුවරට අන්තර්ජාලය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්රථ කාලසටහන් පළමුවරට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

මේ අනුව ලංගම දුරගමන් සේවා බස්රථ කාලසටහන මඟින් අද (10) සිට මගීන්ට ඉතා පහසුවෙන් 1315.lk වෙබ් අඩවියෙන් හා 1315.lk ජංගම යෙදුම ඔස්සේ සේවාව ලබාගත හැකියි.

එමෙන්ම මෙම ජංගම යෙදවුම ඔස්සේ තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කරවාගැනීමේ හැකියාව පවතින අතර දිවයිනම ආවරණය වන පරිදි බස්රථ 1200 කට අධික ප්‍රමාණයක් සඳහා මෙලෙස ආසන වෙන් කිරීමේ හැකියාව පවතින අතර ,  ආසන වෙන් කිරීමෙන් පසු e-ticket ලෙස sms, email මඟින් ටිකට පත ටිකට් පත ලබා ගැනීමේ හැකියාවද ඇත .

මීට අමතරව දිවයින පුරා පිහිටි 40 කට අධික ප්‍රධාන බස්නැවතුම්පොළවල පිහිටුවා ඇති කවුන්ටර් මඟින් මෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම, පැය 24 පුරා ක්‍රියාත්මක 1315 ක්ෂණික ඇමතුම ඇමතීම මගින් මෙම සේවාව ලබා ගැනීමේ හැකියාවද පවතී.

“e-ticketing ක්‍රමය-බස්රථ තුළ මුදල් භාවිතයෙන් තොරව ගමන්කිරීමේ ක්‍රමවේදය, e-motoring ක්‍රමය හා තාක්ෂණික භාවිතාව අනිකුත් සෑම අංශවලටම යෙදවීමට කටයුතු කරන බවයි එහිදී අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ;

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...