ළමා අපයෝජකයකු ලෙස වරදකරු වූ හිමිනමක් දිගටම දරුවන් සමඟ කටයුතු කිරීම ගැන ජනපතිට පැමිණිල්ලක්

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ළමා ලිංගික අපයෝජකයකු ලෙස අධිකරණය හමුවේ වරදකරු වූ ගම්පහ, පහළගම, විද්‍යාරවින්ද පිරිවෙනේ නායක පූජ්‍ය පහළගම සෝමරතන හිමි දිගින් දිගටම දරුවන් සමඟ කටයුතු කිරීම සම්බන්ධව ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන එකමුතුවක් වන ළමා ආරක්ෂණ සන්ධානය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.

එක්සත් රාජධානියේ ඉල්ස්වර්ත් ක්‍රවුන් අධිකරණය (Ilsworth Crown Court) විසින් 2012 ජූනි 01 වන දින ළමා ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් මෙකී හිමිනමට එරෙහිව වසර 07 ක සිරදඬුවමක් නියම කරන ලද අතර, මීට අදාළව උන්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ද අසාර්ථක වූ අතර, එම වරද තහවුරු වී පසුව 2013 ජූනි මස සිර දඬුවම වසර 06ක් දක්වා අවම කර තිබේ.

65 හැවිරිදි ඔහු වසර හතකට සිරගත කර ජීවිතාන්තය දක්වා ලිංගික අපරාධකරුවන්ගේ ලේඛනයට (Sex Offenders Register) ඇතුළත් කර ඇත. විනිසුරුවරයා සෝමරතන හිමිට පැවසුවේ ඔහු නැවත කිසි දිනෙක දරුවන් සමඟ වැඩ නොකළ යුතු බවයි,” යනුවෙන් එම සන්ධානය විසින් මෙම සිදුවීමට අදාළ අධිකරණ තීන්දුව උපුටා දක්වා ඇත.

මෙම හිමිනම දැන් වැඩ සිටින්නේ ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙනේ නායක හිමි ලෙස වන අතර, උන්වහන්සේ දැනුවත්ව සහ සෘජුව දරුවන් සමඟ වැඩ කටයුතු කරන්නේ ඉහත කී අධිකරණ නියෝගය සිතාමතාම උල්ලංඝනය කරමින් බව එම සන්ධානය ජනපතිවරයාට අවධාරණය කර සිටියි.

ළමා ආරක්ෂණය ජාතික අර්බුදයක් බවට පත්ව ඇති, සහ ළමා අපයෝජනය මෙරට දෙවන විශාලතම අපරාධය බවට ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුනාගෙන තිබෙන පසුබිමක, ළමා ලිංගික අපයෝජකයකුගේ ආගමික වරප්‍රසාදවලට පෙර අනාගතයේ සැබෑ ප්‍රතිලාභීන්වන දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා මෙන් එම සන්ධානය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 08 කොළඹ LNW : 2025 අ.පො.ස. උසස්...

යළිත් කඩා වැටුණු කණ්ඩලමේ හැඩකාරයාට සිංහල බෙහෙත් ප්‍රතිකාර අරඹයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 08, කොළඹ LNW: කණ්ඩලම ජලාශයේ මාස හතරකට...

මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට තායිලන්තයේ පාඨමාලාවක්

නිශ්මං රණසිංහ අගෝස්තු 08, කොළඹ LNW: සැප්තැම්බර් 08 – 13 දක්වා...