සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): අගෝස්තු මාසයේ 02 සිට 12 දක්වා දිවයින පුරා පිහිටුවන පරීක්ෂණ මධ්‍යස්ථානවලදී, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පෙර වර්ෂයේදී පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙහි වෙනසක් නොවන බවද මෙවරත් එම ක්රමවේදයම අනුගමනය කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද, පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී තැපැල් මගින් ලැබීමට සලස්වන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ ,
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??