යළි බදු බරක් ජනතාවට නැහැ.බැංකු පොළියත් අඩු කළ යුතුයි – රාජ්‍ය ඇමති සියඹලාපිටිය

Date:

කොළඹ LNW:තවදුරටත් ජනතාව වෙත බදු බරක් නොදෙමින් ආර්ථිකය කළමනාකරණය කරන බවත් රාජ්‍ය ආදායම් ඉහළ දමාගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එමෙන්ම බදු දැලෙන් පලා යන පුද්ගලයන් ඊට හසු කර ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගනිමින් බදු ජාලයේ සිදුරු 75%ක් වසා දැමීම සිය අපේක්ෂාව බව ද සියඹලාපිටිය මහතා කියා සිටියි.

මහ බැංකුව පොළී අනුපාත පහත දැමීමට අනුව යමින් පොළී අනුපාත පහත නොදමන වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන පිළිබඳ සොයා බලන බවත් ඒවා දැඩි නියමනයකට ලක් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මහ බංකුව අනුව යමින් පොළී අනුපාත පහළ දැමීමට වාණිජ බැංකු කටයුතු කළ යුතු බවයි.

මේ අතර රාජ්‍ය ආදායම් ඉහළ නංවාගැනීම පිළිබඳ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙන බව අමාත්‍යවරයා සඳහන් කරන අතර රජයට ආදායම් උපයා දෙන ආයතන සමග පැවැති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව මෙම වාර්තාව සකස් කරන බවයි ඔහු සඳහන් කළේ.

මධ්‍යසාර මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත ඇදීයාම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටින්නේ ආදායම් වැඩි කර ගැනීම සඳහා මිල ඉහළ දැමීම වෙනුවට වෙනත් විකල්ප පිළිබඳ අවධානය යොමුව ඇති බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...