ආර්ථික අර්බුදයට මුදල් ඇමතිගේ විසඳුම් මොනවාද ? – විපක්ෂ නායකයා විමසයි

Date:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට බරපතල පසුබෑමකට ලක්ව ඇති බවත්, එම පසුබෑමෙන් ගොඩඒම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආර්ථික පසුබෑමට ප්‍රධානතම හා එකම හේතුව කොවිඩ් වසංගතය බව පවසමින් ආණ්ඩුව අත පිසදා ගැනීමට කටයුතු කරමින් සිටින බවද ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

මෙම ආර්ථික බිඳවැටීමේ බර හා පීඩාව බරපතල ලෙස දරා ගැනීමට සිදුව ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවට බවයි විපක්ෂ නායකයා අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27/2යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේ.

රටේ මූල්‍ය ස්වභාවයේ අසාමාන්‍ය වෙනස්වීම් හෝ අස්ථාවරත්වයන් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවදියෙන් සිට සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වගකිව යුතු ආයතන පිහිටුවා තිබියදී, ආර්ථික අර්බුද විසඳා ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ඔහු පවසනවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව අන් කිසිදු රටක් මුහුණ නොදුන් ආර්ථික අවපාතයකට අප රට මුහුණ දෙමින් සිටින්නේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු මුදල් අමාත්‍යවරයා, මුදල් මණ්ඩලය හා මහ බැංකුව තම කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමේ හේතුව නිසා බවද විපක්ෂ නායකයා පෙන්වා දෙයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...