තරුෂිගෙන් පැයක් ඇතුළත ශ්‍රී ලංකා වාර්තා දෙකක්,පිරිමි සහය දිවීමේ කණ්ඩායමෙන් රන් පදක්කමක් සමඟ නව ශ්‍රී ලංකා වාර්තාවක් (Breaking News)

Date:

මීටර් 800 ඉසව්ව නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ ආසියානු මලල ක්‍රීඩා සූරතා වාර්තාවක් සමඟ (විනාඩි 2:00.66) නිමා කළ තරුෂි කරුණාරත්න පැයක් යන්නට මත්තෙන් තවත් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා ගන්නට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නාය.ඇය හර්ෂනී ප්‍රනාන්දු,නදීශා රාමනායක සහ ලක්ෂිමා මෙණඩිස් සමඟ එක්ව මීටර් 400 ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූවේ තිබූ විනාඩි 3:35.06 ක වාර්තාව විනාඩි 3:33.27 දක්වා ඉදිරියට ගෙන එමින්ය.

මේ කාන්තා කණ්ඩායමේ ඡායාරූපයේ ඒ ජයග්‍රහණයට හිමි කම් කියූ සුවිශේෂී ක්‍රිඩිකාවන් වමේ සිට පිළිවෙලින් හර්ෂණි ප්‍රනාන්දු,නදීශා රාමනායක,තරුෂි කරුණාරත්න සහ ලක්ෂිමා මෙණ්ඩිස් ලෙස දැක්වේ.
එසේම පිරිමි කණ්ඩායම ද මීටර් 400 ඉසව්වේ දී කාන්තා කණ්ඩායම ඉක්මවා යන ධාවනයක යෙදෙමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පමණක් නොව නව ආසියානු මලල ක්‍රීඩා සූරතාවලි වාර්තාවක්ද පිහිටවමින් එම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.කටාර් මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම සතුව 2015 දී පිහිටුවා තිබූ ආසියානු මලල ක්‍රීඩා සූරතාවය විනාඩි 3:02.50 ක් විය.ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණේ මනුර ලංකා,වී.රත්නකුමාර.රංග විමලවංශ සහ රොහාන් ප්‍රදීප් කුමාරය.2000 වර්ෂයේදී ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියකම පිහිටුවා තිබූ එම වාර්තාව විනාඩි 3:02.71 විය.අද කාලිංග කුමාර,අරුණ දර්ශන,රාජිත රාජකරුණා සහ පබසර නිලූ පිහිට වූ වාර්තාව විනාඩි 3:01.56 කි.
වචනයේ පරිසමාප්තයෙන්ම අති විශිෂ්ඨ ධාවනයක යෙදුණ ක්‍රීඩකයෝ සිව් දෙනා තරගයේ ආරම්භයේ සිටම අවධානය යොමු කර තිබූ පදක්කම රන් බව එම ධාවනයෙන් පැහැදිළි කළහ.නව වාර්තාව සමඟ වන ප්‍රධාන ඡායාරූපයේ පිළිවෙලින් වමේ සිට සිටින්නේ රාජිත රාජකරුණා,කාලිංග කුමාර,අරුණ දර්ශන සහ පබසර නිපූ ය.

සටහන – නිශ්මං රණසිංහ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...