දුප්පත් හා ධනවත් රටවල් අතර බෙදීම සංවර්ධනය වෙමින් පවතින රටවල් අවධානමකට ගෙන යයි’-
ලෝක බැංකු ප්‍රධානී

0
196

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින් නම් කිරීමෙන් පසු පසුගිය මාසයේ බැංකු තනතුරට පත් වූ බංගා ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකානු පුරවැසියෙකි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ගාන්ධිනගර්හි G20 මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු ප්‍රධානීන්ගේ දෙදින රැස්වීමට සම්බන්ධ වෙමින් අභිනවයෙන්පත් ලෝක බැංකුවේ සභාපති අජේ බංගා ප්‍රකාශ කර තිබුණේ, ධනවත් සහ දුප්පත් ජාතීන් අතර වැඩෙන බෙදීම් සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ දරිද්‍රතාවය ගැඹුරු අවධානමකට ගෙන යන බවයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින් නම් කිරීමෙන් පසු පසුගිය මාසයේ බැංකු තනතුරට පත් වූ බංගා ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකානු පුරවැසියෙකි.

යුක්රේන යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන සහ භාණ්ඩ මිල ගණන් වලට කරන ලද බලපෑම මෙන්ම කොරෝනා වසංගතය හා දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් දුප්පත් රටවල් අතිශයින් පීඩනයට පත්ව ඇති බවත් මෙම ප්‍රගතියක් නොමැති තත්වය හේතුවෙන් ලෝකයේ දුප්පත්ම ජනතාවට ගොලීය ආර්ථිකය අවාසිදායක ලෙස බලපාන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

මෙවර G20 සමුළුවේ සාකච්ඡාවන් ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී ජාතීන් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවල ප්‍රතිසංස්කරණ, ගුප්ත ව්‍යවහාර මුදල් රෙගුලාසි සහ දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමට සහ ඒවාට අනුවර්තනය වීම ආදී කරුණු පිළිබඳව සිදු විය.

සශිකලා මධුෂාණී_ (outbound today )