ආණ්ඩුව පුම්බන මාධ්‍ය මෙහෙයුම මහින්දානන්දට ….

Date:

ආණ්ඩුවෙන් කෙරෙන වැඩ ගැන රාජ්‍ය මාධ්‍යවලින් හරිහමන් විදියට ප්‍රචාරණයක් ලැබෙන්නේ නැති එක ගැන පසුගිය කාලයක් තිස්සේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටියේ කණස්සල්ලෙන්.

ජනාධිපතිවරයාට හිතවත් ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙක් පසුගිය දිනක ජනාධිපතිවරයාට පෙන්වා දීලා තියෙන්නේ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය කියන වගකීම් තුනම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට පවරා දී තිබුණත් බන්දුලගේ වැඩි අවධානයක් තියෙන්නේ මහාමාර්ග විෂයයට විතරයි කියලා ලු. ආණ්ඩුවේ ප්‍රචාරණ මෙහෙයුමට වෙනම වැඩපිළිවෙලක් හදන්න වෙයි කියලාත් අදාළ ජ්‍යේෂ්ඨයා කියලා තිබුණා ලු.

ඒ අනුව, මේ වෙනකොට ආණ්ඩුවේ ප්‍රචාරණ මෙහෙයුම් ගැන වගකීම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පවරා දීලා කියලා ආරංචියි. ජනාධිපති මාධ්‍ය ඒකකයත් මේ වෙද්දී දිනපතා මාධ්‍ය හමු පවත්වමින් එක් එක් අමාත්‍යාංශවල ප්‍රගතිය රටට කියන වැඩසටහනක් කරගෙන යනවා. ඒකත් ඇතුළුව රාජ්‍ය මාධ්‍ය මගින් ආණ්ඩුවේ ප්‍රගතිය ගැන සිදුකෙරෙන ප්‍රචාරණය සම්බන්ධව සියල්ල සොයාබලන මහින්දානන්ද ඒ සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත සහිත වාර්තාවක් දිනකට දෙකකට වතාවක් ජනාධිපතිවරයාව හමුවෙලා ඉදිරිපත් කරනවා කියලාත් ආරංචියි.

එහෙම බැලුවාම දැන් නිල නොවන ජනමාධ්‍ය ඇමති මහින්දානන්ද කියන්නත් පුළුවන්.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...