ඔවුන් එන බව මම විශ්වාස කරනවා – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පුහුණුකරු

Date:

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය නිමාවී ඇන්ටිගුවා හී සිට නැවත ඇෆ්ගනිස්තානය බලා යමින් සිටියදී ලන්ඩනයේ නැවතුණු ක්‍රීඩකයන් සිව් දෙනා ඇෆ්ගනිස්තානයට එනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පුහුණුකරු රිෂායි අහමඩ්සායි පවසනවා.

නමුත් ඔහු පවසන්නේ ඔවුන්ට නැවත එන ලෙස යැවූ පණිවිඩ ඔවුන් දුටු බව තහවුරු වී ඇතත් ඔවුන් ඊට ප්‍රතිචාර නොදක්වා ඇති බවයි.

අහමඩ්සායි පවසන්නේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් ඇති විවිධ මත සහ විවේචන අතරේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන සහය ඉතා හොඳ මට්ටමක පවතින බවය.ඉකුත් ලෝක කුසලානයේ හත්වන තැන සිටි ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙවර සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණි බව ද ඔහු පෙන්වා දෙයි.ඒ සඳහා දායක වූ කණ්ඩායමේ සාමාජිකයන් වූ ක්‍රීඩකයින් සිව් දෙනාට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තුළ විශාල ඉඩක් සහ පිළිගැනීමක් පවතින බව ඔවුන්ට පෙන්වා දුන් බව ද අහමඩ්සායි පවසනවා.

නැවත ඇෆ්ගනිස්තානය බලා ඒමේ දී ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපළට පැමිණි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් එහි දී සිය රට බලා ගිය ද,පැය 48 ක් එහි රැදී සිටීමට ඇති නීතිමය අවකාශය භාවිතා කරමින් මෙම ක්‍රීඩකයන් කණ්ඩායම සමඟ එකතු වී නැහැ.තලේබාන් පාලනය පැමිණි පසු රට හැර ගිය පිරිස ලක්ෂය ඉක්මවන අතර තව දුරටත් එසේ යාමට කැමැත්තෙන් සිටින පිරිස ඇෆ්ගන් රජය නවතාගෙන සිටින්නේ බලහත්කාරයෙන්.එම තත්ත්වයට අනුව තලේබාන් පාලනයට විරුද්ධව මෙම තරුණයන් ද වෙනත් රටක දේශපාලන රැකවරණය ලබනු ඇතැයි සිතිය හැකි වුව ද අහමඩ්සායි පවසන්නේ ඔවුන් නැවත ඇෆ්ගනිස්තානයට අවශ්‍යය බවත්,එය අවබෝධ කරගෙන ඔවුන් නැවත එනු ඇති බවත්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...