සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): 2006 වසරේ ජනවාරි මස 1 දා සහ 2008 වසරේ සැප්තැම්බර් මස 3 වනදා අතර කාලසීමාව තුළ නුගේගොඩ ප්‍රදේශයේ සක්විති කන්ස්ට්‍රක්ෂන් සමාගම පවත්වාගෙන ගොස් එහි තැන්පතු වශයෙන් ඉදිරිපත් කර තිබූ 164,185,000ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි .
ඒ අනුව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ එම වරද පිළිගත්තේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කියවනු ලැබූ අතර අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් අධිකරණයට කියා සිට ඇත .
ඒ අනුව , අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමටද විත්තිකරුවන් අධිකරණය හමුවේ එකඟ වී ඇති අතර , පළමු වාරිකය අද දිනයේ ගෙවන බවත් විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ පවසා ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??