දේශපාලන වේදිකාවේ ආගමික ඕවර් ඇක්ටින් 2 – තාරක ලියයි 

Date:

ඇතැම් ආගමික කණ්ඩායම්වල ඩබල් ගේම් තිබිය හැකිය කියන කාරණාව ගැන අපි ගිය සතියෙ කතා කෙරුවා. ඒ කියල කටගන්න කලින් මරු වැඩක් වුනා. ඔය ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලන බව පෙන්වන කණ්ඩායමක ලොකු පදවියක් දරන කෙනෙක් මේ ඊයෙ පෙරේදා එක්තරා උත්සවයකට සහභාගී වුනා. එතනට ඇවිත් හිටියා රාජ්‍ය ඇමති මට්ටමේ කෙනෙකුත්. ලොකුම දේශපාලනඥයෝ එන ලොකුම උත්සව වර්ජනය කරලා ප්‍රාදේශීය දේශපාලනඥයෝ යන සාමාන්‍ය උත්සවවලට යන එකේ අවුලක් නැද්ද මන්දා. 

කොහොමවුනත් එතැනදී ඔය ආන්දෝලනාත්මක සිදුවීම ගැන කතාව ඇදුනා. හැබැයි ඒ වෙලාවේ අර පදවිය දරන කෙනාගේ ටෝන් එක සහ මතුකරපු කාරණා හොඳින් විමසා බැලුවොත් අපි එදා කියපු කරුණු එක්ක ලස්සනට ගැලපෙනවා. ඒ උත්සවය වෙලාවේ ඔය එළියේ මාධ්‍ය හමුවල පෙන්වන තරම් ලොකු ගේමක් ඉල්ලුවේ නැහැ. යන යන තැන පිස්සුවෙන් වගේ ගේම ඉල්ලන්න කියල අපි යෝජනා කරන්නෙ නැහැ. ඒත් කියන දේවල් හරයාත්මකව සමාන වෙන්න එපැයි. එහෙම සමානකමක් වෙනුවට අපිට පෙනුනේ පොඩි දියාරු කමක්. 

ටෝන් එකේ දියාරුකම පැත්තකින් තියමුකෝ. මෙන්න මෙහෙම කතාවක් එතන කියවෙනවා. “අපි ඉල්ලන්නේ පුළුවන් දේවල් කරන්න කියල..”මොකක්ද ඒ කුනුහරුපය ? කිසියම් කරුණක් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලනවා නම්, ඒ යුක්තිය ඉල්ලන්නේ රටේ පවතින නීතියට අනුකූලව නම්, මොකක්ද මේ ‘පුළුවන් දේවල් කතාව. නෛතික වශයෙන් යුක්තිය ඉටුකරනකොට ‘බැරි දේවලුත්’ තියෙනවද ? මාරයිනේ. අපි දන්න විදිහට නම් නෛතික යුක්තිය නම් නෛතික යුක්තිය. ඒකෙ බැරි දේවල් පුළුවන් දේවල් කියල දෙකක් නැහැ. 

එහෙනම් මේ මොකද්ද කියන්නේ. මේ කියන්නේ වෙන මුකුත් නෙමෙයි, “ඕගොල්ලන්ට ලොකු හානියක් නොවෙන දේවල් ටික කරන්න” කියලයි. කොහොමද වැඩේ ? “අරයව දැන් ඕගොල්ලන්ටත් වදයක් වෙලානේ. ඉතින් එයාට හරි පොඩි පනිෂ්මන්ට් එකක් දෙන්නකෝ ලෝකෙට පේන්නවත්. එතකොට ඒක පෙන්නලා අපි අපේ ප්‍රජාව ටික කාලයකට බැලන්ස් කරගන්නම්. එහෙම කරොත් ඕගොල්ලොත් ගොඩ. අපිත් ගොඩ.” මෙන්න මේක නේද ඔය හුරතල් වෙවී කියන්නේ. හරි ෂෝක්. 

අපි ගිය සතියෙ මෙහෙම ලිව්වා. ඒක වැදගත් නිසා ආයෙත් මතක් කරන්නම්. “දේශපාලනය තිබිය යුත්තේ දේශපාලන ක්‍රියාධරයන් අත. ආගමික ක්‍රියාධරයන් අත ආගම තිබ්බට අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ යෂ්ඨි දෙක දැන හෝ නොදැන මාරු වූ හැම මොහොතක්ම, උගුලක්. ගැටුමක්. ඛේදවාචකයක්. ලෝක ඉතිහාසය ඊට සාක්ෂි. ඒ නිසා ජනතාවනි, කල්පනාවෙන් !” උපුටා ගැනීම අවසන්. ඇත්තටම කල්පනාවෙන් නොහිටියොත් අතිවිශාල උගුලක වැටෙන්න නියමිතයි.

කොහොමවුනත් දැනටමත් ඔය ආන්දෝලනාත්මක ඛේදවාචකය පිළිබඳ සාකච්ඡාව දැනටමත් ෆුට්බෝල් මැච් එකක් වෙලා තියෙන්නේ. බෝලෙ එහාට මෙහාට පාස් වෙනවා. සමහර ක්‍රීඩකයෝ වෙන වෙනම ළකුණු රැස්කරන්නත් උත්සාහ කරන බව පේනවා. සැබෑ යුක්තිය ලබාගැනීම වෙනුවට ෆුට්බෝල් මැච් එක බල බල ඉන්න තමයි මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. මැච් එක ඉවරවෙලා කට්ටිය අතට අත දීලා ගෙවල්වලට යනකං පොඩි ආතල් එකක් තියෙයි. කරුණු කාරණා පෙළගැහෙන විදිහට ඊට වඩා දෙයක් වෙන්න නියමිත නැහැ. 

– තාරක 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...