එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් අනතුරුවලින් විශාල හානියක් වුණා, ඒත් රජයට ඒ ගැන කිසි ගානක් නැහැ – සජිත් (VIDEO)

Date:

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් හානි වුයේ මීගමුවේ සිට පානදුර දක්වා පමණක් බවට ධිවර අමාත්‍යාංශය තක්සේරු කර ඇති නමුත් පසුගිය දිනක පුත්තලම වෙරළ තීරයට ද මෙම අපද්‍රව්‍ය පැමිණි බවත් ඒ නිසා මුලින්ම ධිවර අමාත්‍යාංශයේ ඔලුව හැදිය යුතු බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පාරිසරික ව්‍යසනය පමණක් නොව නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ ඛේදවාචකයෙන් මෙරට සමුද්‍රීය පද්ධතිය විශාල හානියක් සිදුවූ බවත් මෙමඟින් සමස්ත මත්ස්‍ය සම්පතට හානියක් සිදු වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය සීමිත බලප්‍රදේශයකට පමණක් හානි සිදු වූ බවත් ඔවුන්ට පමණක් වන්දි ලබා දිය යුතු බව කිව්වත් මොවුන් වගකීම් පැහැර හරිමින් සිටින බවත් සමගි ජන බලවේගය ධිවර ජනතාව ගැන සිතුවත් රජයට ධිවර ජනතාව සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඔවුන්ට බිම් මට්ටමේ ජනතාවගේ දුක කදුල වේදනාව ගැන කැක්කුමක් නොමැති බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (22) දොඩම්දූව වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ දී ය.

රට වටේ මුහුද සහ වෙරළ තිරයේ සිට නාවුක සැතපුම් 200ක අනන්‍ය ආර්ථික කලාපයක හිමිකම තිබිලත් මේ රටේ ධිවර කර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොමැති බවත් එය ශෝචනීය තත්ත්වයක් බවත් මීට වඩා විශාල දායකත්වයක් ධිවර කර්මාන්තයෙන් ලැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...