රනිල්ට බලය දුන්නේ කාරණා දෙකකට විතරයි. ඉන් එහා කිසිම ගමනකට අපේ සහාය නෑ – පොහොට්ටු ලේකම්

රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයට පත්කර ගත්තේ රටේ ආර්ථිකය නැංවීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම යන කාරණා දෙක වෙනුවෙන් පමණක් බවත් ඉන් බාහිරව ඒ මහතා වෙනත් කාරණා වෙත යොමුවන්නේ නම් පක්ෂයක් ලෙස තමන්ට වැඩිදුර සිතාබැලීමට සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“අපි පක්ෂයක් හැටියට ගොඩනැඟුණේ මේ රටේ නිදහසෙන් පස්සේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයා වටා. ඔහු කරපු හැම සංවර්ධන කටයුත්තකදීම හොරා හොරා හොරා කියලා බොරු මතයක් සමාජගත කරලා එතුමාව ගෙදර ඇරියා. හැබැයි ඒ අඩිය පස්සට ගත්තේ මේ රට අතෑරලා යන්න නෙවෙයි. ඒ අවස්ථාවේදී බලය ලබාදෙන්න හිටපු සුදුසුම පුද්ගලයාට අපි බලය ලබාදුන්නා. අපි එතුමාගෙන් ඉල්ලුවා කාරණා දෙකක්, ඒ කාරණා දෙක වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගන්න තීන්දු තීරණවලදී අපි එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. ආර්ථිකය නැංවීම සහ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම. නමුත් ඒ කාරණා දෙකෙන් බාහිරව එතුමා වෙනත් කාරණාවලට යොමුවෙනවා නම් පක්ෂයක් හැටියට අපට ඒ ගැන හිතන්න වෙනවා. මොකද 69 ලක්ෂයක් අපට බලය දුන්නෙ මේ රට බෙදන්න නෙවෙයි, රට ඒකීයව තියාගන්න. ඉන් වෙනස් වෙන කිසිම ගමනකට සහයෝගය දෙන්නෙ නෑ කියන එකත් මේ අවස්ථාවේදී කියනවා”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹදෙණිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...