සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2030 වසර වනවිට එළවළු බීජ ආනයනය, සියයට සියයකින් නතර කිරීම සඳහා වන වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව පවසයි.
මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් , මෙරට වගාව සඳහා අවශ්‍ය එළවළු බීජ වර්ග බහුල වශයෙන් ආනයනය කරනු ලබන අතර එම ආනයනික බීජ වර්ග සඳහා ඉහළ මිලක් ගෙවීමට ගොවීන්ට සිදුව ඇත.
ගොවි සංවිධාන නියෝජිතයෝද පෙන්වාදෙන්නේ
මේ හේතුවෙන් එළවළු වගාවෙන් ප්‍රමාණවත් ආදායමක් ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.
සියලු කරුණු සලකා බලා මෙරට වගාවට අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකසන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??