රනිල්ගෙන් සාගලට ලොකු තනතුරක් – එජාපයේ යළිත් ගැටුම් !

0
2836

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. නායකයාගේ මෙම යෝජනාව සඳහා මේ වනවිට පක්ෂ කළමනාකරණ කමිටුවේද අනුමැතිය හිමිව ඇති අතර මීලඟට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවනු ඇති බවයි පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසන්නේ.

සාගල රත්නායක මහතා මේ වනවිට ජ්‍යෙෂ්ට උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරයි.

හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව වසරකට වැඩි කාලයක් තිස්සේ මෙම තනතුර පුරප්පාඩුව පැවතිණි.

පක්ෂයේ නායකත්වය තරුණ පරපුරට ලබාදෙන බව මීට කලකට ඉහතදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ අතර ඒ අනුව රුවන් විජේවර්ධන මහතා නියෝජ්‍ය නායකයා වශයෙන් පත් කෙරිණි. කෙසේ නමුත් වික්‍රමසිංහ මහතා තවමත් නායකත්වයේ රැඳී සිටිමින් පක්ෂයෙ මෙහෙයවන අතර නායකත්වයෙන් ඉවත් වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටී.

මේ නිසා විටින් විට පක්ෂයේ දෙවැනි හා තෙවැනි පෙළ නායකයන්ගේ විවේචන එල්ල වන අතර කෙසේ නමුත් එම විවේචනය සියල්ලම සමනය කර ගැනීමට වික්‍රමසිංහ මහතා සමත්ව සිටී.

පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුරාධපුර දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක මහතා පක්ෂ නායකත්වය විවේචනය කළ අතර ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ජ්‍යෙෂ්ටයන්ගෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවයි.

මෙම විවේචන හේතුවෙන් අනුරාධනායක මහතාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවීමට එජාප නායකයා තීරණය කර ඇති බවද වාර්තා වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here