*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

පෞද්ගලික නීතීඥවරුන්ට එක නඩු වාරයකට මිලියන ගණන් වැය කරමින් කිමාලි මහජන මුදල් සමග සූදු කෙළින හැටි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මීළඟ නඩු වාරයේදී පෞද්ගලිකවම අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට නියෝග ලබා සිටින කිමාලි ප්‍රනාන්දු සහ SLTDA, මහජන මුදල් අයථා ලෙස භාවිතා කර ඇති ආකාරය පිළිබඳ මීට පෙර ද අප විසින් පැහැදිලි කර ඇත.

මේ අතර, කිමාලි  තමන්ගේ යැයි සිතාගෙන සිටින ශ්‍රී ලංකා  සංචාරක සංවර්ධන අධිකාරිය, මහජන මුදල් දස ලක්ෂ ගණනින් පෞද්ගලික නීතීඥවරුන්ට ගෙවා ඇති අන්දම දැක්වෙන ලේඛනගත සාක්ෂි ගණනාවක් අප වෙත ලැබී තිබේ.

මෙහිදී අප අවධාරණය කරන්නේ SLTDA නියෝජනය කළ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතීඥ මණ්ඩලයේ ගාස්තු පිළිබඳ නොවේ. එය ඔවුන් විසින් අසීරු නඩු කටයුත්තක් වෙනුවෙන් අය කර ඇති වෘත්තිමය සේවා ගාස්තුවයි. ඒ පිළිබඳ අපට තර්කයක් හෝ විරෝධයක් නැත. අපගේ ප්‍රස්තුතය වන්නේ, කිමාලි විසින් නීතිපති උපදෙස් නොතකා මෙසේ වැය කරන්නේ මහජන මුදල් වීමයි. මෙය නීතියට අනුව හුදෙක් කිමාලිගේ පමණක් නොව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමූහික තීරණයකි.

ආයතන සංග්‍රහයේ XXXIII හෙවත් ‘නීති උපදෙස් හා ක්‍රියාමාර්ග’ මාතෘකාව යටතේ රජයේ නිල තත්වයෙන් රජයේ නිලධාරියෙකුට විරුද්ධව පවරා ඇති නඩුවකදී වග උත්තර කියාසිටීම සම්බන්ධයෙන් විධි විධාන අන්තර්ගත ය.

එහි 6.1 වගන්තියේ පැහැදිලිවම සඳහන් වන්නේ නිල තත්වයෙන් ආයතන ප්‍රධානියෙකු වන රජයේ නිලධාරියෙකුට එරෙහිව නිල තත්වයෙන් පවරා ඇති නඩුවකදී අප්‍රමාදව නීතිපති උපදෙස් විමසිය යුතු බව ය. එසේ වූ විට එක්කෝ නීතිපති විසින් එම නඩුවේ වගඋත්තර කීම භාරගන්නවා ඇත. නැතිනම් ප්‍රස්තාවේ හැටියට එම නඩුව වෙනුවෙන් පෙනී සිට වගඋත්තර කීමට පියවර ගනු ඇත. ඒ හැර තමන්ගේ ආයතනය වෙනුවෙන් පෞද්ගලික නීතීඥවරුන් හිතුමතයට යොදාගෙන, මහජන මුදලින් නීතීඥ ගාස්තු ගෙවීමේ ක්‍රමයක් ආයතන සංග්‍රහය තුළ නැත.

එසේ තිබියදීත් කිමාලි ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව පැවරූ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 314/2020 නඩුවේදී අවස්ථා කිහිපයකදීම SLTDA  විසින් මේ අන්දමින් පුද්ගලික නීතීඥ සහාය ලබාගෙන තිබේ. උදාහරණයක් වශයෙන් 2021.02.19 දින SLTDA වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා ඉදිරියේ අවසර පතන්නේ ඊළඟ නඩු වාරයේදී සීමිත විරෝධතා ගොනු කිරීම පිණිස ය.

නමුත් ඊළඟ නඩු වාරය යෙදී තිබුණු 2021.03.19 දින විරෝධතා ගොනු කර නොමැති අතර, 2021.03.25 දින නීතීඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම විසින් නඩු කටයුතු ඉදිරියට ගෙන ගොස් ඇත. එදින ඔවුහු නැවත වරක් සීමිත විරෝධතා ගොනු කිරීමට අවසර පතති.

මේ අතර, පහත දැක්වෙන්නේ 2021.02.20 දින සනත් විජේවර්ධන උපදේශන නීතීඥවරයා සිය නීතීඥ කණ්ඩායම වෙනුවෙන් SLTDA වෙත යවා තිබූ ඉන්වොයිසියයි. එහි වටිනාකම රු. මිලියන 2.525 කි.

මෙම ඉන්වොයිසියට  අදාළව SLTDA විසින් පෞද්ගලික නීතීඥවරුන්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් මාස 10 කට පසුව ලබා දී ඇති චෙක්පත් පහත පරිදි වේ. මෙම මිලියන ගණන ගෙවනු ලබන්නේ මහජන මුදලිනි. කෝවිඩ් වසංගත තත්වය හමුවේ ලංකාවේ මුළු මහත් සංචාරක කර්මාන්තයම අවදානමට පාත්‍ර වී ඇති අවස්ථාවක, SLTDA යනු තමන්ට ධන බලයෙන්, නිල බලයෙන් සහ පවුල් බලයෙන් ලැබුණු තවත් එක් බූදලයක් යැයි කල්පනා කරන කිමාලිට මෙහි ඇති අවුල නොපෙනෙන්නට ඇත. කෙසේ නමුත් මෙයින් ඇගේ ප්‍රධානත්වයෙන් යුතු SLTDA මෙහිදී සිදු කර තිබෙන්නේ මහජන මුදල් කාබාසීනියා කර දැමීමකි. එය ආයතන සංග්‍රහය පමණක් නොව රජයේ මුදල් රෙගුලාසි ද අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

මේ වන විට මෙම නඩුවට පමණක් නොව, අදාළ LRL හෙවත් ලංකා රියල්ටි ලෙෂර් පුද්ගලික සමාගම විසින් SLTDA ට එරෙහිව ලබාගත් අතුරු තහනම් නියෝගය නොතකා හැරීම මත, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුවේ ද කිමාලි සහ ඇගේ අධ්‍යක්ෂ මණ්ඩලය චෝදනා ලබා සිටිති. 2022 පෙබරවාරි 2 වැනිදා ලබා දී ඇති නියෝගයට අනුව ඇය පෞද්ගලිකවම දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුය. සුපුරුදු පරිදි මෙම නඩු කටයුත්තට ද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ඇතුළු කණ්ඩායමෙන් පෞද්ගලික නීතීඥ සහාය ලබාගනියි.

මේ අතර පහත දැක්වෙන්නේ, කිමාලි ප්‍රනාන්දුගේ නිල කාලය පිළිබඳව සංචාරක අමාත්‍යවරයා විසින් එවා ඇති ලිපියකි. එහි සඳහන් ආකාරයට ඇගේ නිල කාලය 2022.01.19 දිනෙන් අවසන් වන අතර, අපට දැනගන්නට ලැබී ඇති පරිදි මෙම පත්වීම නැවත අලුත් කර ද නැත. ඒ අනුව කිමාලි, මෙසේ හිතුමතයට නඩු කටයුතු කරගෙන යන්නේ නිල බලයක් පවා නොමැතිව ද යන සාධාරණ සැකය අප තුළ තවදුරටත් මතු වේ. 

අප නැවතත් අවධාරණය කරන්නේ පෞද්ගලික නීතීඥවරුන්ට ගෙවා ඇති ගාස්තුවල ප්‍රමාණය ගැන ‌නොවේ. ඇයට මේ අන්දමින් පෞද්ගලික නීතීඥ සේවා සහාය ලබාගෙන එම ගාස්තු මහජන මුදලින් ගෙවන්නට කිසිදු අයිතියක් නැති බව ය. ඇය මේ තුළ සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයම අමාරුවේ දමමින් ආයතන සංග්‍රහය මෙන්ම මුදල් රෙගුලාසි ද උල්ලංඝනය කරන බව ය. කිමාලි ප්‍රනාන්දුගේ සභාපතිත්වය යටතේ SLTDA මහජන මුදල් ගිල දමන නීති විරෝධී බහිරවයෙකු බවට පත් ව තිබෙන බවට මීටත් වඩා සාක්ෂි අවශ්‍ය ද?

නිවැරදි කිරීමයි
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා SLTDA නියෝජනය කළ බව මෙම ලිපියේ මුල් සංස්කරණයේ පළ වූයේ අප‌ගේ ප්‍රමාද දෝෂයකිනි. මෙම සංස්කරණයේදී එම වරද නිවැරදි කර ඇත.

පෙර ලිපිය

කිමාලි, දැන්වත් උසාවි එන්න – මේ කැත සෙල්ලම දැන්වත් අහවර කරන්න!

http://139.59.240.222/02/04/5738/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan