ඊශ්‍රායලයේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කෙරේ

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ මතභේදාත්මක රජයේ තීරණ ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ඇති හැකියාව සීමා කරන අධිකරණ ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් සම්මුත්යකට එළැඔිමට ඊයේ(23) රාත්‍රිය දක්වා නොහැකි වු අතර මේ වන විට මෙම පනතට විරෝධය දක්වමින් දහස් ගණනින් දෙනා ටෙල් අව්ව් හා ජේරුසලමේ වීදිවල කඳවුරු බැඳගනිමින් විරෝධතා දක්වමින් සිටියි. මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අයිසැක් හරිසෝග් ප්‍රකාශ…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ මතභේදාත්මක රජයේ තීරණ ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ඇති හැකියාව සීමා කරන අධිකරණ ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් සම්මුත්යකට එළැඔිමට ඊයේ(23) රාත්‍රිය දක්වා නොහැකි වු අතර මේ වන විට මෙම පනතට විරෝධය දක්වමින් දහස් ගණනින් දෙනා ටෙල් අව්ව් හා ජේරුසලමේ වීදිවල කඳවුරු බැඳගනිමින් විරෝධතා දක්වමින් සිටියි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අයිසැක් හරිසෝග් ප්‍රකාශ කර තිබුනේ තත්වය හදිසි තත්වයක් බවත්, අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පනත ඉක්මන් නොකරන ලෙසයි.

මෙම පනත සම්මත වුවහොත්, අධිකරණ ස්වාධීනත්වය බිඳ වුටෙන අතර රජයේ ශාඛා අතර අසමතුලිතතාවය ඇතිවනු ඇත. විරෝධතාකරුවන් දිගින් දිගටම ප්‍රකාශකර තිබුණේ මෙම පනත හරහා රජය ඒකාධිපති මාවතක ගමන් කරන බවයි. මෙම සැලැස්ම මාස හතක මහජන විරෝධතා අවුලුවා ඇති අතර ව්‍යාපාරික හා වෛද්‍ය නායකයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

ප්‍රධාන ඒකකවල හමුදා සංචිතකරුවන් පවසා ඇත්තේ සැලැස්ම සම්මත වුවහොත් රාජකාරියට වාර්තා කිරීම නවත්වන බවයි. ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් 100දෙනෙකුගේ අත්සනින් යුතුව ලියුමක් පසුගියදා ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ, මෙම අධිකරණ ප්‍රතිසංස්කරණය සම්මත වුවහොත් තවදුරටත් කලාපයේ රටක් ලෙස ඊශ්‍රායලයට පැවතිය නොහැකි බවයි.

සශිකලා මධුෂාණී_ ( outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...