රජයේ මිනින්දෝරු නිලධාරීන් අද ලෙඩවෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින්, රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ පැවසීය .

“මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවෙලා තියෙන භෞතික මානව හා සම්පත් ගැටලුවට මේ වනවිට විසඳුම් ඉල්ලලා, ඒ වගේම මිනින්දෝරු වෘත්තීය පැත්තෙන් ගත්තහම උද්ගතවෙලා තියෙන ගැටලු රාශියක් තියෙනවා ඒවට විසඳුම් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ රටේ මුදල් නෑ නෑ කියලා කියන අතරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් වැඩ පුද්ගලික අංශයට ලබාදෙමින් අකටයුතුකම් රැසක් සිදුකරමින් පවතිනවා. අද අපි ලෙඩ නිවාඩු වාර්තා කළා. මේ ගැන අපි සතියකට කලින් අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්ව දැනුවත් කරා. නමුත් මේ වනතුරුත් කිසිම පිළිතුරක් නෑ. මේකටත් පිළිතුරු නැත්නම් නැවතත් අපි අගෝස්තු 2 වනදා ලෙඩ නිවාඩු වාර්තා කරනවා. කොළඹ දී උද්ඝෝෂණයක් පවත්වනවා.”

ලෙස පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...