විශාල මත්ද්‍රව්‍ය තොගයක් සීදූවෙන්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි. සීදූව ප්‍රදේශයෙන් එම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

ඒවායේ වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි 7 ක පමණ වටිනාකමකින් යුක්ත වන බව සඳහන්.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ, Methamphetamine අඩංගු මත් පෙති 2000 ක් ඇතුළු මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 9ක් අමෙරිකාවේ සහ නෙදර්ලන්තයේ සිට කොළඹ, මහරගම, පිළියන්දල යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන් වෙත කුරියර් සේවාවක් හරහා ශ්‍රී ලංකාවට එවා තිබුණු බවයි.

එහි මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...