ශ්‍රීලනිපයේ පුටු මාරුවක් ?

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු පුටුවකට අලුතින් කෙනෙක් ගේන්න සූදානමක් තියෙනවා ලු.

අලුතින් කිව්වාට ඉතින් අලුතින්මත් නෙවෙයි ලු, කලිනුත් ඒ පුටුවේම ඉඳපු උතුරුමැද පළාතේ එක්කෙනෙක් ආපහු ලියන මහත්තැන් තනතුරට එනවා කියලා තමයි ආරංචි.

ශ්‍රීලනිපයේ ඉඳන් ආණ්ඩුවට පැනපු කට්ටිය ආපහු ගෙන්නාගෙන පරණ තනතුරු ටිකත් ආපහු දුන්නානේ මීට ටික දවසකට කලින්. එහෙම ආපහු ආපු අයගේ සපෝට් එක තියෙන්නේ මේ උතුරුමැද පළාතේ එක්කෙනාට ලු. සංවිධායකවරුත් එයා එක්ක වැඩ කරන්න කැමතියි ලු.

දැනට ඉන්න ලියන මහත්තයායි, එක්සත් ජනතා නිදහස් සන්ධානෙ අලුත් ලියන මහත්තයායි දෙන්නා නම් මේ වැඩේට කොහෙත්ම කැමති නැතිවුණත් පක්ෂ නායක මහත්තයා වැඩේට කැමති නිසා කොහොමත් වැඩේ ඉක්මනින් කෙරෙයි කියලා තමයි කතාව යන්නේ.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...