සිංගප්පූරු ක්‍රිකට් පුහුණුව ලාංකිකයෙකුට

සිංගප්පූරු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරයට ශ්‍රී ලාංකිකයෙකු වන චමින්ද රුවන් කුමාරගේ පත් කිරිමට කටයුතු කර ඇත.43 හැවිරිදි චමින්ද කොළඹ බ්ලූමිෆීල්ඩ් ක්‍රිඩා සමාජයට සම්බන්ධ වී සිට ඇති අතර ඔහු 2018 සිට සිංගප්පූරු ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.එම කණ්ඩායම වෙනුවෙන් මුල් පෙළේ පිතිකරුවෙක් ලෙස විස්සයි විස්ස තරග 10 ට ක්‍රීඩා කර තිබෙන චමින්ද, සිංගප්පූරු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කර ඇත.

තවත් දින දෙකකින් ජූලි 29 වන දාට 44 වන වියට පා තබන චමින්ද රුවන් කුමාරගේ කළුතර දී උපත ලබා ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ඇත්තේ කළුතර හොලික්‍රොස් විද්‍යාලයෙනි.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් පුහුණුකරුවෙක් ලෙස සුදුසුකම් ලබා එම පාඨමාලාවන් තුළින් ලද දැණුමෙන් සිංගප්පූරු ක්‍රිකට් ජාතික ඇකඩමිය මෙන්ම ක්‍රිඩා සමාජ ගණනාවකට ද පුහුණුකරුවෙක් ලෙස සම්බන්ධ වී කටයුතු කර ඇති චමින්ද රුවන් කුමාරගේ මෙවර ආසියානු තරගාවලිය නියෝජනය කරන සිංගප්පූරු ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස සිය ජාතික පුහුණුකරු තනතුරේ රාජකාරී අරඹනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...