*
Monday, September 23, 2024
spot_img

Latest Posts

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ තෙල් කාන්දුවීම් නිරීක්ෂණය කිරීමට පියවර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ, මෙරට මුහුදු තීරයේ නැව් මගින් සිදුවන තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඊට අදාළව ප්‍රංශ රජය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් ,ඒ අනුව වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාවට අදාළව ප්‍රංශයේ Collected Localization Satellites (CLS) සමාගම සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ බලය සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිවරයාට පැවරීමටද යෝජනා කර තිබෙනවා.

ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම යුරෝ 601,810.00කි. එය ප්‍රදානයක් ලෙස Localization Satellites (CLS) ලබාදීමට යෝජිතව තිබෙන අතර, මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා සම්පූර්ණ මූල්‍ය පිරිවැය ප්‍රංශ රජයෙන් දරනු නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලංකා රජයට පිරිවැයක් දැරීමට සිදුනොවන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ දිනකට නැව් 300 -350ක් පමණ ගමන් කරන බැවින් වෙරළ මුහුදු තීරයේ සමුද්‍ර ගමනාගමන ඝනත්වය ඉතා ඉහළ මට්ටමක පවතී.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙරට මුහුදු තීරය ආශ්‍රිතව නැව් ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීම, එම දූෂකයන්ට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර මෙහෙයුම හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණු වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan