ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනාවරණය කරන්නේ , මේ වනවිට මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇති බවයි.

පාර්ලිමේන්තු  කාරක සභාව තවදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ , මෙයට අමතරව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරතවූ තවත් විශාල පිරිසකටද ජීවනෝපාය අහිමි වී ඇති බවත් , මෙම පිරිසට සහන සැලසීම සඳහා ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කළ යුතු බවයි  එම කාරක සභාව නිර්දේශ කරන්නේ.

කාරක සභාව අනාවරණය කරන්නේ , මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම්වල යෙදුණු පුද්ගලයන්ට අමතරව එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ටද සිය ජීවිකාව අහිමි වී ඇති බවයි.

තවද, මාර්ග හා ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකළ දැවැන්ත සමාගම් සිය සේවකයින් ඉවත් කිරීමට අමතරව ඔවුන් සතු කෝටි ප්‍රකෝටි ගණන් වටිනාකමින් යුතු යන්ත්‍රෝපකරණ පිටරටවලට විකිණීම සඳහා මේවනවිට දැන්වීම් පවා පළකර ඇති බව දැකගන්නට ඇත.

මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්‍රාත් සමාගම් වලට රජය විසින් ගෙවිය යුතු හිඟ මුදල බිලියන ගණනක් බවද, මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග වලට අනුව හෙලිවී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...