ගෙවුණු මාස කිහිපය වැඩි දෙනාට ඉඩ තිබුණෙ පාපන්දුවට සිනහසීමටයි.මේ අලකලංචිය ඇත්තටම හැදෙන්නෙ ක්‍රීඩා අමාත්‍යංශයේ සහ අමාත්‍යවරයාගේ අනවශ්‍ය මැදිහත්වීම සමඟයි.අප දිගින් දිගටම පැවසුවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ එකඟ වූ පරිදි නව ව්‍යස්ථාව සමඟ නිලවරණය නොපැවත්වීම ජාත්‍යන්තර තහනමට හේතු වූ බවයි.ක්‍රීඩා අමාත්‍යවරයාට එය තේරුම් ගැනීමට ගත වූ කාලය මාස 10 ක්.අද වන විට පාපන්දුව වෙනුවෙන් සියලු පිරිස් එකඟ වී නැවත ලාංකේය පාපන්දුව ගොඩ නඟා ගන්න ඉදිරිපත් වීම පාපන්දුවට සිනහවීම පාපන්දුව සිනහවීමක් දක්වා පරිවර්ථනය කරගන්න හොඳ අවස්ථාවක් විය හැකියි.
ඒ එකතුවීම ජාත්‍යන්තරය හොඳ දසුනක් හැටියට ගෙන ලංකාවේ පාපන්දුවට එකතු වෙන්න කියූ බව ප්‍රසිද්ධ කරන්න ක්‍රීඩා අමාත්‍යංශය සහ අමාත්‍යවරයා පැත්තෙන් විශාල උත්සාහයක් ගන්නවා.ඇත්තටම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඒ ගැන සතුටට පත් වුණත් ඔවුන් ජාත්‍යන්තරව පිළිගන්න ව්‍යවස්ථාවට පයින් ගහලා එකතු වෙලා උඹලට ඕනි විදහට වැඩ කරපල්ලා කියන සිල්ලර තැනට වැටෙන්නෙ නැහැ.ඔවුන් ඒ් එකඟතාවය සමඟ අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන් නොසළකා හරින ලද නව ව්යස්ථිවට අනුව නිලවරණය පැවත්විය යුතුය කියන නියෝගයත් ලබා දුන්නා.එය නොතකා හැරීම ජාත්‍යන්තර තහනමට ප්‍රධානම හේතුව වූ බව තේරුම් ගෙන අමාත්‍යවරයාට එ් අනුව නිලවරණය පැවත්වෙන බව කියා ගැසටි නිවේදනයක් නිකුත් කරන විට පාපන්දු මංමුලාවේ අවස්ථා බොහොමයක් අහිමි කරගෙන තිබෙනවා.
අමාත්‍යවරු ක්‍රීඩා අමාත්‍යංශයට යන එන පිරිස්.ඒ ටික කාලයකට.එහිදී මෙහි සිටින පළපුරුදු නිලධාරීන් මෙන්ම අමාත්‍යවරයා උපදෙස් දෙන්න පත් කරගන්න නිලධාරීන්ද ක්‍රීඩාව ගැන පරිපාලනමය වශයෙන් තමන්ට තියෙන දැණුමෙන් උපදෙස් දීමේ සහ සහයවීමේ හැකියාවෙන් යුක්ත විය යුතුයි.අමාත්‍ය රොෂාන් රණසිංහට අමාත්‍යංශයෙන් ඒ සහය නොලැබෙන අතර ඔහු භාහිරව නිවැරදිම පුද්ගලයන් තමන්ගේ ගමණට ආශිර්වාදයක් වෙන ආකාරයෙන් තෝරා ගැනීමට ද අපොහොසත්ව තිබෙන බව කිව යුතුයි.මේ විශාල ගැටළුවලට වගකීමට සහ සිය කීර්ති නාමයට හානිකර විදිහට වැඩ සිදුවන්නේ ඒ නිසා බව අමාත්‍යවරයා තේරුම් ගැනීම වෙනුවට තවමත් ලපටි සහ පරණ සම්ප්‍රදායික දේශපාලනඥයෙක් විදිහට පෙරළුන පිටෙන් වාසි ගන්නට හැදීම කණගාටුදායකයි.සහ ඔහු සහ ඔහුගේ උපදේශක මඩුල්ල මහදැනමුත්තා සහ ගෝලයෝ මට්ටමකට වැටීමකුයි.
කෙසේ හෝ අප පාපන්දුව තහනමෙන් විසිර ගිය බව පිළිගන්නේ නැහැ.සත්‍යය වන්නේ එය ඒ වන විටත් පාර්ශව ගණනකට කැඩී විසිර තිබූ බවයි.ඒ නිසාම ගමන ඉදිරියට වෙනුවට එක එක දෙසට ගැල ඇදෙන නරක තත්ත්වයක් දකින්නට ලැබුණා.මන්ද රගර් ක්‍රීඩාවේ පරිපාලනය තුළ හරස් කැපීම් සිදුවන ආකාරය සහ පාපන්දුවේ තත්ත්වය අතර වෙනස්කමක් දකින්ට තිබෙනවා.රගර් ක්‍රීඩාවේ බලය සඳහා තරග කිරීමට නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට බැරි තරමට ජනප්‍රියත්වය පිරිහුණු අය දේශපාලන බලයෙන් බලයට අත පොවන්නට දඟලන විට පාපන්දුවේ වන්නේ ඉතා ආසන්න මට්ටමෙන් බලය සහිත විවිධ පිරිස් එක එක අදහස්වල සිට අදහස් දැක්වීමයි.
අලුත් ගමණකට සියල්ල ඉදිරිපත්වන මොහොතේ එහි එක් පාර්ශවයක නායකයෙක් හැටියට එකතුවීමට සම්බන්ධ වූ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු පැවසුවේ මේක පොඩි වැඩි ඡන්ද ගණනකින් පත් වෙලා කරන්න අමාරු බව ඒ තත්ත්වය අවබෝධ කරගෙන ඇති නිසයි.ඒක ඇත්ත.ඒ වගෙම මේ එකතුනීම ශක්තියක් හැටියට ලෝකය පිළිගන්න බව වෛද්‍ය මනිල් ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍යංශයට නිලවරණය පැවත්වීමට අවසරය ලැබුණෙ ෆිෆා වෙත ඔවුන්ගේ එකඟතාවය සම්බන්ධයෙන් ජස්වර් උමාර් දැන් වූ පසුව බව සිහිපත් කරමින්.
ඇති විය යුතු අලුත් පරිපාලනය ගැන ජස්වර් උමාර් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ හැම දකුණු ආසියානු රටකම වගෙ ප්‍රශ්න තිබෙන බවයි.නමුත් ඉන්දියාව මෙන් කුමන ප්‍රශ්නයකදීවත් වෙනස් නොවන ක්‍රමවේදයක් මේ පරිපාලනයට සැකසිය යුතු බව ඔහු නව පරිපාලනයේ ප්‍රධාන අරමුණ විය යුතු බව පෙන්වා දුන්නේය.
ජස්වර් උමාර් පැවසුවේ මේ ආකාරයට එකතු වුණත් ගහනවා වෙන්වී වැඩ කළත් ගහනවා නමුත් අපි මේ ඇති කරගන්න එකඟතාවය කුමන බාධාවක් ඉදිරියේ හෝ අඛණ්ඩව රඳවා ගන්නා බවයි.පාපන්දුව නියෝජනය කරමින් පාපන්දු ලීග 64 ක් මේ අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් පසුගිය සුළු විරාම කාලය තුළ තමන්ගේ ප්‍රදේශයේ ලේ සමඟ කැකීරී තිබෙන පාපන්දුව අහිමි වීම ගැන ඇති පශ්චාත්තාපය සමඟ අඛණ්ඩ එකගවීම් ගැන පවසද්දී මහත් සතුටින් ඉපිළ යනු දක්නට ලැබිණි.
එසේම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලෝක කුසලාන තරගාවලියේ ආසියානු සුදුසුකම් ලැබීමේ තරග වටය නියෝජනය කරන්නට ලබා දී ඇති අවස්ථාව ඔක්තෝම්බර් මාසයේ දී යෙදී ඇති බව පෙන්වා දුන් ජස්වර්,ඊට පෙර නිලවරණය පැවත්විය යුතු බව පෙන්වා දුන්නේය.
ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කිරීමේ අවශයයතාවය පාපන්දුව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් එක්ව එකඟ වූ ජස්වර් උමාර්,රංජිත් රොද්‍රිගෝ සහ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු පාර්ශව නියෝජනය කළ පිරිස්වල කිසිඳු වෙනසක් නැතුව එකඟතාවය ලැබිණි.ඒ අනුව අගෝස්තු 14 වන දින පදනම් ආයතනයේදි වාර්ශික මහා සභාවක් කැඳවා නිලවරණ කටයුතු මෙන්ම අවශ්‍යය මූල්‍යමය සහ පරිපාලන කටයුතු සඳහා ද ක්‍රමවේදයක් සකසා ගැනීමට එකඟතාවය පළ විය.
නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වැනි ආයතන නීතිමය වශයෙන් ලබා ගත් ක්‍රීඩා පණතේ සංශෝධන නොසළකා හැරීමට ක්‍රීඩා අමාත්‍යංශයට සහ අමාත්‍යවරයාට දැණුම් දීමට එහි රැස්ව සිටි සියලු දෙනාම එකඟ විය.එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සහ අමාත්‍යංශය විසින් නොසළකා හරින ලද නව ව්‍යස්ථාවේ ඇති සාධනීය කරුණු සම්බන්ධයෙන් පාර්ශව තුනම ධනාත්මක අදහස් දැක් වූ අතර එදා මේ තත්ත්වයට පිටින් අමාත්‍යංශය සහ අමාත්‍යවරයා වැඩ නොකළේනම් ජාතික පාපන්දුව ජාත්‍යන්තර වශයෙන් තහනම් නොවන බව පෙන්වා දුන්නේය.
පාපන්දුව ලෝක ශ්‍රේණිගත කිරිම්වල 207 දක්වා පහත වැටීම සම්බන්ධයෙන් පරිපාලනයේ සිටි අය ලෙස තමන්ට ද වගකිමක් ඇති බව සියලු පාර්ශව පිළිගත් අතර නමුත් ශ්‍රී ලංකාව 124 වැනි තැනක තිබියදී පාපන්දු ක්‍රීඩා කරේ රටවල් 160 ක් පමණ බව රංජිත් රොද්‍රිගෝ සිහිපත් කළේය.එහි යටි අරුත ඉදිරියෙන් සිටි රටවල් පමණක් නොව අලුතෙන් ආ රටවල්ද අප පසුකර ගොස් තිබෙන බවය.එවැනි තත්ත්වයකට පරිපාලනමය වශයෙන් තිබුණු බෙදීම් බලපෑවේනම් ඒවා නිමා කිරීම හෙට දවසේ ඉදිරියට ඒමට වැදගත්ය.
කාලයතට පසුව පාපන්දු හිතවතුන් එකිනෙකා හමුව බදාගෙන හැඟීම් බෙදාගත් සැන්දෑවක් බවට පත් වී තිබුණ ඒ රාත්‍රිය අන්ධකාරයට වඩා අඳුරෙන් මිදීමේ පණිවිඩ අදහස් සහ ප්‍රාර්ථනා සහිත රාත්රියක්ව ගෙවිණි.ඇත්තටම පාපන්දුවට සිනහසුණ ලෝකය ඉදිරයේ කලෙකට පසුව පාපන්දුවේ තැවරුණ වෙහෙස සිනහසුණ දවසක් බවට ඒ මොහොත පත් විය.
දුප්පත් පාපන්දුවක් ගැන අප නිතර කතා කරන්නේ එහි නියැලෙන ඒ හා බුදුණ මිනිසුන්ගේ හැම අත්නිම ඇති දුප්පත්කම් නිසාය.අඩු පහසුකම් සහිත අඩු අධයාපන පහසුකම් සහිත බිම්වලින් පිපෙන පාපන්දු කුසුම්වල සුවඳ ව්‍යාපත් නොවන්නට එම කරුණුද යම් ආකාරයකින් බලපාන බව අපි විශ්වාස කරන්නෙමු.ජස්වර් උඹාර් මෙම තත්ත්වය විග්රහ නොකළ ද ඉතා වැදගත කතාවක් පැවසීය.ඒ හෙට දිනන සිහිනයට වඩා අවුරුදු 8 – 9 දරුවන්ගේ සිට පාපන්දුව ඇරඹිය යුතු බවය.අඩුම තරමේ අවුරුදු 11 දී පමණ විද්‍යාත්මකව ඒ සිරුරු විනාශ නොකරන අවබෝධයක් සහිතව ආරම්භ කරන එවැනි පාපන්දු ක්‍රීඩකයින් සහ ක්‍රිඩිකාවන් සංචිත ගත කිරීමට අපෙක්ෂා කරන්නේ නම වැදගත්ම දේ ඔවුන්ට ප්‍රධාන විෂය ධාරාවන් උගන්වන අධ්‍යාපන ක්රමයක්ද ඇතුළත් කිරීමය.එහිදී ඉංග්‍රිසී සහ පරිගණක තාක්ෂණය ඉගැන්වීම අතිශයින් වැදගත් වනු ඇත.
පාපන්දුව ගැන නොදකින අනෙක් කරුණ ඒ නිසා ජිවත්වෙන දුප්පත් මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටින බවය.තරග පැවත්වෙන පිටියේ හමුවන ජංගම වෙලෙන්දාගේ සිට බොහෝ දෙනෙක් කාලයක් පාපන්දුව හා බැදුණ් පෙරළුණු ජීවත ගත කළ අයය.ක්‍රීඩාව වෙනුවට ජිවත්වීම අරගලයක් වූ තැන ඔවුහූ පසුපසට වුව ද ක්‍රීඩාවට ඇති ආදරය නිසාම වෙළදාම අතරේද ඇස් කොණින් පිටිය දෙ බලන්නට අමතක නොකරති.
මේ නිසා අප එ් මොහොතට එසැවුණු අත් දුටිමු.මුවඟින් සැලෙන සිනාවන් දුටිමු.නමුත් ඇත්ත ඊට වඩා පළල්ය.පිට්ටනිවල ලැගගෙන පාපන්දුව වෙනුවෙන් උගුර ලේ රහවන තුරු කෑ ගහන ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු පාපන්දු නැවත නීත්‍යානුකූලව ලෝකය පිළිගන්න බව කී විට සිනහසුණ බව අපි දනිමු.ඉතිං ඒ සිනහවට බලාපොරොත්තු එකතු කරන,අර්ථයන් පළල් කරන දවසක් හෙට දවසේ මුණ ගස්වන්නට එක්ව ගමණක් යන සියල්ලට සුබ පතමු.වෙන්වීමට වඩා රැස් වී සාකච්ඡා කර ගැටළු ලිහාගෙන පාපන්දුව වෙනුවෙන් අලුත් පරිච්ඡේදයක් අරඹන්නට නම් එකතු වූ සියලු දෙනාම පරණ දේවල්වලට යන්න කියා අලුත් මිනිසුන් විය යුතුය.එවිට දවසින් දවස සිනාවන් අලුත් වෙන පාපන්දුවක් හෙටට දායාද කළ හැකි වනු ඇත.
සටහන – නිෂ්මං රණසිංහ