ඉන්දියාවේ චෙන්නායි ජායාරූප ශිල්පියෙකු මෙරරට ගෙන ආ “කුෂ්”!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14,කොළඹ LNW :

ගුවන්තොටුපළේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් , කුෂ් කිලෝග්‍රෑම් 8.542ක් නීති විරෝධීව රැගෙන යාමට උත්සාහ කළ  ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මොහු ඉන්දියාවේ චෙන්නායි හි පදිංච් 33 හැවිරිදි ජායාරූප ශිල්පියෙක් බව වාර්තා වේ.

අත්අංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 85ක් බව වාර්තා වන අතර, මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම රට පුරා ආරම්භ කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම...