කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව යකඩ සොරුන්ගේ තෝතැන්නක් වෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසන්නේ මාස දෙකක කාලයක් ඇතුළත රුපියල් මිලියන 120ක යකඩ අතුරුදන්ව ඇති බවය. අද වනවිට  අත්හැර දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව යකඩ සොරුන්ගේ තෝතැන්නක් වී ඇති බව වාර්තා වේ.

වසර ගණනාවක් මුළුල්ලේ එම කර්මාන්තශාලාව මෙරට ආර්ථිකයට ලබාදුන්නේ සුවිශේෂී දායකත්වයක් වන අතර කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාව 1950 වසරේදී ආරම්භවන්නේ ආසියාවේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව ලෙසය.

කෙසේ වෙතත්  1990 වර්ෂයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාර මාලාවත් සමඟ එය මුළුමනින්ම පාහේ විනාශ වූ අතර , එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ විනාශ වූ කර්මාන්ත ශාලාවේ, රුපියල් කෝටි ගණනක් වටිනා යකඩ ඇතුළු උපකරණ රැසක් අදටත් ශේෂවී ඇති බව වාර්තා වේ.

නමුත් , මෙම කර්මාන්තශාලාව වටා ඉදිකර තිබෙන ආරක්ෂිත වැටට අද වනවිට අත්වී ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි.

ඒ ,  මාස කිහිපයක සිට කිසිදු බාධාවකින් තොරව එහි ඇතුළුවන ඇතැමුන්, කර්මාන්තශාලාවේ ඇති යකඩ තමාට කැමති අයුරින්  සොරාගෙන යන බව පැවසේ.

එසේනම් මෙම කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීම හෝ මෙහි ඇති මූල්‍ය වටිනාකමක් සහිත යකඩ සහ උපකරණ රැකගැනීම සඳහා වැඩපිලිවෙලක් සැකසීම බලධාරීන් සතු වගකීමක් බවයි , ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව පවසන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් දිවයින පුරා සම්පූර්ණ ලෙස විනාශයට පත්වූ නිවාස ගණන 4,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

නාමල් “ආදරේ” අරන් ගමින් ගමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිවයිනට බලපෑ දිට්වා...

චෙන්නායි සිට එන අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැව අද (07) කොළඹ වරායට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : දිට්වා’ සුළි...

ශ්‍රී ලංකාවට සහනයක් වූ මියන්මාරය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්...