චකිතයක් නැතුව රජයේ රෝහලට එන්න.අපි බාල බෙහෙත් ගෙන්වන්නේ නැහැ!

කොළඹ LNW:බාල ඖෂධ මෙරටට නොගෙන්වන අතර කිසිදු චකිතයකින් බියකින් තොරව රජයේ රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එලෙස බාල ඖෂධ කියා දෙයක් ලොව කොතැනකවත් නිපදවන්නේ නැති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන එන බව ඔහු සඳහන් කරයි.

“බාල ඖෂධ භාවිතයට කිසිවෙකු කැමති නැහැ. තත්ත්වයෙන් උසස් ඖෂධ පමණක් භාවිතයට ජනතාව කැමතියි. ඇතැම් අවස්ථාවන්හිදී මෙරටට ගෙන එන සමහර ඖෂධවල තත්ත්වය අසමත් වීමේ හැකියාවක් පවතිනවා.
ඇතැම් පිරිස් සිදුකරන ප්‍රචාර නිසා ජනතාව කිසියම් අනිසි බියකට පත්වුවත් දෛනිකව රෝගීන් ලක්ෂ ගණනකට ඖෂධ ලබාදෙනවා. දෛනිකව දහස් ගණනකට ශල්‍යකර්ම සිදු කරනවා. දෛනිකව ලක්ෂ ගණනින් සුවපත් වෙනවා.මෙරටට ගෙන එන සියලුම ඖෂධවල තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම නිසාවෙන් තත්ත්වයෙන් අසමත් ඖෂධ හඳුනා ගැනීමට අපිට හැකියාව තියෙනවා. කිසිදු චකිතයකින් බියකින් තොරව රජයේ රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්න. අවශ්‍ය ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්යය මණ්ඩලය සූදානමින් සිටිනවා. සෑම විටම ඇත්ත ප්‍රකාශ කරන්න. අඩුපාඩුවක් ඇත්නම් ඒ බව පෙන්වා දෙන්න. කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරන්න එපා”
යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...